විශ්වවිද්‍යාලය සහ ව්‍යවසායකත්වය - විශ්වරංගි


අද අපි ව්‍යාපාර අනාගතය තුලින් විශ්වවිද්‍යාලය සහ ව්‍යවසායකත්වය ගැන කතා කරන්න එකතු කර ගත්තෙ කොළඹ ව්ශ්වවිද්‍යාලයේ කළමනාකරන හා මූල්‍ය පීඨයේ අලෙවි කළමනාකරන අංශයේ අවසන් වසර උපාදි අපේක්ෂිකා විශ්වරංගි හෙට්ටිආරච්චි මෙනවිය

විශ්වරංගි මෙනවිය ඔබතුමිය කොළඹ විශ්වවිද්‍යාලෙයේ උපාධි අපේක්ෂිකාවක්. අපට කෙටියෙන් ඔබ තුමිය ගැන විස්තරයක් ?

කොලඹ විශ්වවිද්‍යාලයේ කලමණාකරණ හා මූල්‍ය පීඨයේ අලෙවිකරණ දෙපාර්තමේන්තුවේ අවසන් වසර ඉඟෙනගන්නේ.ඒ හැරෙන්න  හැම දේම ලස්සන විදියට දකින්න කැමති, විදින්න කැමති හරිම නිදහස් මනුස්සයෙක් කියලා කියන්න කැමතියි.කෙටියෙන්ම කීවොත් තාමත් මගේ අස්පෘශ්‍ය හීන වලට ස්පෘශ්‍යමය වටිනාමක් දෙන්න ජීවීතේ සටන් වදින තරුණියක්

විශ්වවිද්‍යාලය තුල ගතවන කාලය ගැන ඔබතුමියට සිතෙන්නෙ කුමක්ද ?

විශ්‍ව විද්‍යාලයේ අභ්‍යන්තර සිසුවියක් ලෙස ගතකරන අන්තිම මාස කීපය.මගේ විශ්ව විද්‍යාල කාලය කියන්නේ මම ජීවිතේ මෙන්න මේකයි කියලා අල්ලන්න පුරුදු වෙච්ච කාලය.මට ජීවිතේ බර දැනෙන්න ගතපු කාලය. ඒ නිසා ගමෙන් කොලඹට ඇවිත් ගෙදරින් පිට ජීවිතේ පලවෙනි වතාවට ඉන්න හිතට හයිය ලැබුනේ තුම්මුල්ලෙන්.ආදරෙයි කොලඹ විශ්ව විද්‍යාලයට.ඒත් වැරදිච්ච තැනක් තියනවා.ඒකාකාරී රාමුවකට කැම්පස් කාලේ මම කොටුවෙලා හිටියා.මට එතනින් එහාට හිතන්න ඕන කමක් තිබුනේ නැද්ද මම එතනින් එහාට  හිතන්න බය වුනාද කියන එක මට තාමත් තේරෙන්නේ නෑ.

විශ්වවිද්‍යාල පද්දතිය තුල සමස්ථයක් විදියට උපාධි අපේක්ශකයන්ගේ ව්‍යවසායකත්වය කෙරෙහි ආකල්ප කවරේද ?

සමස්ථ විශ්වවිද්‍යාල පද්ධතිය තුලම ව්‍යවසායකත්වයට තියන ආකල්ප ගැන මතයක් මට කියන්න අමාරුයි.ඒත් මම කියන්නම් මෙහෙම.මගේ විශ්ව විද්‍යාලයේ මම වටේට හිටිය මගේ ගොඩක් යාලුවන්ට පොඩිවට හරි බිස්නස් එකක් පටන් ගන්න ලොකු උණක් තිබුණා.තව විදියකින් කිවොත් සතුටුදායක මට්ටමේ උනන්දුවක් තිබුණා.ඒත් ව්‍යවසායකත්වය කෙරෙහි සාමාන්‍ය මම වටේ හිටි පිරිස උද්යෝගිමත් වුණාට බහුතරයක් කැමති වුනේ ක්ලාස් එකක් දාලා,ප්‍රොෆෙශනල් කෝස් ටිකක් කරලා බ්ලූ චිප් කම්පැනියක ලස්සනට ඇඳන් ගිහින් රැකියාවක් කරන්න.තමන්ගේම ව්‍යාපාරයක් කරන්න මූල්‍යමය හෝ භෞතික වටපිටාව ගොඩක් දෙනෙක්ට තිබුණට එහෙම අවදානමක් ගන්න ගොඩක් තාමත් ගොඩක් අය හරි බයයි.මේ තරම් ඉඟෙනගෙන බිස්නස් කර කරා ඉන්න පිස්සුද කියලා අහන්න තරම් සමහරු හිතන විදිය හරි පටුයි තාමත්.

විශ්වවිද්‍යාලය තුල බිහිවී සිටින ව්‍යවසායකයන්ගේ අනෙකුත් ශිෂ්‍යයන්ගෙන් වෙන්ව ගත හැකි ශක්තීන් මොනවාද ?

ඇත්තටම ඒ ගොඩක් අය හරිම උත්සාහවන්ත අය.ඒ වගේ පුදුම විදියට ධෛර්‍යවන්ත අය.ප්‍රශ්න වලට උත්තර මිසක ප්‍රශ්න,ප්‍රශ්න විදියට දකින්න කැමති නොවුන අය.අලුත් දෙයකට බය නැතුව අත ගහන්න හිතේ හයියක් තිබුණ අය.ජීවිතේ මුණගැහෙන බාදක වලට සීමා පනවපු අය මිසක ජීවිතේ හීන වලට සීමා පනවපු අය නෙවේ.වෙනස් විදියට දකින්න වගේ හැමදේම බැලන්ස් කරගන්න පුලුවන් හරිම ස්වාධීන චරිත ඒ ගොඩක් දෙනා.ඒවා තමයි මූලිකව හඳුනාගත හැකි ශක්තීන් වෙන්නේ.ඒ හැර ඉතින් පෞරුශමය සාදක, සුහදශීලීත්වය,පාසල් කාලයේ සිට ගොඩනඟාගත් අන්තර් පුද්ගල සම්බන්ධතා, අන් අයගෙන් වෙන් කරලා හදුනාගත හැකි ඔහුන්ටම අනන්‍ය වුණ නිර්මාණශීලී හා අනෙකුත් හැකියාවන් ඔහුන්ට විශ්ව විද්‍යාලය සමයේදීම ව්‍යවසායකයෙක් බවට පත් කරන්න මඟ පෑදුවා.

බොහෝ දෙනා පවසන ආකාරයට විශ්වවිද්‍යාල උපාධි අපේක්ශක සිසුන්ට ව්‍යවසායකත්වය කෙරෙහි යොමු නොවීමට ඇති මානසික භාදා කවරේද ?

ලොකුම මානසික බාදාව තමයි ගොඩක් අය අලුත් අත්දැකීම් විදින්න බයයි.විභාග මානසිකත්වයෙන් මිදෙන්න අකමැතිකම වගේම ගතානුගතික සම්ප්‍රදායික පොත්ගුල්ලා කියන චරිතයෙන් මිදෙන්න තියන භීතිය .ජීවීතේ සමහර අලුත් දේවල් වෙනුවෙන් සමහර දේවල් කැපකරන්න වෙනවා.තමන්ගේ බලාපොරොත්තු ලඟා කරගන්න අවදානමක් ගන්න වෙනවා.ඒත් ඒ හැම දේටම මම ඇතුලු බහුතර විශ්ව විද්‍යාල ශිශ්‍යයෝ හරි බයයි.ගොඩක් අය රාමුවක් ඇතුලේ හිතනේ.හරිම අල්ප දෙනයි රාමුවෙන් පිට හිතන්නේ.නැත්තෙම නැති තරම් රාමුවක් තියද, නැද්ද කියන එකවත්,රාමුවේ ඇතුලේද ,පිටද කියලාවත් හිතන්නේ නැතුව කිසි රාමුවක් නෑ කියලා හිතන් කාලේ තාලෙට අවශ්‍යතාවට ගැලපෙන හොඳම දේ කරන්නේ

විශ්වවිද්‍යාලය තුල ව්‍යවසායකත්වය දියුනු කිරීමට ඔබට හැගෙන ආකාරයට කල හැකි කාර්යයන් මොනවාද ?

මෙහෙමයි.බයෝ කරන්නේ දොස්තර කෙනෙක් වෙන්න.මැත්ස් කරන්නේ ඉන්ජිනියර් කෙනෙක් වෙන්න.ආර්ට්ස් කරන්නේ ලෝයර් කෙනෙක් වෙන්න.ඒත් ඒ ලෙවෙල් කොමර්ස් පන්තියට එන කෙනෙක් කියලා තියනවා ඇහිලා තියනද මම මේ කොමර්ස් කරන්නේ ව්‍යවසායකයෙක් වෙන්න කියලා.නැහැනේ නේද? ඕවා ඉතින් මුල ඉඳන්ම වෙනස් වෙන්න ඕන.ව්‍යවසායකත්‍වය ගැන තියන අපේ පර්සෙප්ශන් එක වෙනස් වෙන්න ඕන.බිස්නස් පටන් ගන්නේ හරියට ඉඟෙනගත්තේ නැති,ඉඟෙනගැනීම අතරමග නවත්තපු මිනිස්සු .ඒ මිනිස්සු යටතේ වැඩ කරන්න යන්නේ ඉඟෙනගතපු උපාධී දෙක තුන තියන මිනිස්සු.ඔන්න ඔය අපේ ව්‍යවසායකත්වය කෙරෙහි තියන දුප්පත් මානසික මට්ටමයි වෙනස් වෙන්න ඕන.කෝර්ස් වලට ක්‍රෙඩිට් වලට විතරක් සීමා නෝවී විශ්ව විද්‍යාලයෙන් පවා විනිවිද පේන දැක්මක් හැදෙන්න ඕන අපි අතරේ.අනික සෙමෙස්ටර් ක්‍රමයේදී වසර අවසානයේ විභාග තියනවා වගේ නෙවේ.   

හැමදාමවිභාග,ප්‍රෙසෙන්ටේශන්,රිපෝට්ස්,වයිවා.අලුත් බිස්නස් එකක් තියා සමහර රොබෝටික් ලමයින්ට ජීවිතය ,ආදරය වෙනුවෙන්වත් ෆිල්ම් එකක් බලන්න,ස්ටේජ් ඩ්‍රාමා එකක් බලන්න,නාට්‍යයක් කරන්න,සිංදුවක් ලියන්න, හිතන්න වෙන් කරන්න කාලයක් නැතිවෙලා.ඒත් අපිට ඇත්තටම වෙලා තියෙන්නේ විශ්ව විද්‍යාල තුල අපි ගතකරන කාලය නිවරදිව හා ඵලදායීව කලමණාකරණය කර නොකරගතපු එක.අපිට ගොඩක් වෙලාව තියනවා.අපි ඒත් දන්නේ නෑ.

අවසාන වශයෙන් සමස්ථයක් විදියට විශ්වවිද්‍යාල උපාධි අපේක්ශක යන්ට දෙන පණිවිඩය කුමක්ද ?

අපි අපිම වෙනස් වෙමු නේද ව්‍යවසායකයෙක් අද නොවුණත් ලඟදිම දවසක වෙන්න අවශ්‍ය පලවෙනි පියවර හරි අදම තියමු.

ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන 
ව්‍යාපාර අනාගතය.



Comments

Popular posts from this blog

How To Control The Business Risk By Mr. Praveen Nirmana Gunawardena

යකඩත් එක්ක හැප්පිල ව්‍යාපාර ලෝකය ජය ගත්තු අමිල

STRATEGIST LIVING IN YOU