"ව්‍යාපාරිකයෙක් ගේ මානසිකත්වයෙන් මිදිල පාරිභෝගිකයෙක් ගේ මානසිකත්වයෙන් දකින්න" - ජවිදු
අද ව්‍යවසායකත්ව අනාගතය සමග එකතු වන්නෙ රුහුණු විශ්වවිද්‍යාලයේ අවසන් වසර වෛද්‍ය ශිෂ්‍ය , ව්‍යාපාර මනොවිද්‍යවේදී ජවිදු පතිරන මහතා. එතුමා අද කතා කරන්න යන්නෙ ව්‍යවසායකත්වය සහ මනෝවිද්‍යාව අතර සම්භන්ධය ගැන. ජවිදු අපිට කියන්න මොකද්ද මනෝවිද්‍යාව කියල කියන්නෙ ? මනෝවිද්‍යාව කියන වචනය තුලම අපිට එහි අදහස කියවෙනව.මනස පිලිබද විද්‍යාව.තව දුරටත් සරළ කරනව නම් අපි හිතන පතන විදිය,හැසිරෙන විදිය ගැන අධ්‍යයනය කරන විශය තමයි මනෝ විද්‍යාව කියන්නෙ. ඔබ තුමා මෙතරම් මනෝවිද්‍යාවට ඇල්මක් දක්වන්නෙ ඇයි ? මම හිතන්නෙ මම විතරක් නෙවෙයි මනෝවිද්‍යාව කියන විශය අපි හැමෝම අවිඥානිකව, පුoචි කාලෙ ඉදලම ඉගෙන ගන්න ආස කරන විශයක්, ප්‍රායෝගිකව භාවිතා කරන විශයක්.අවුරුදු තුනේදි,හතරෙදි තමන් ආස දෙයක් ඉල්ලගන්න විදිය නොතේරෙන පුoචි දරුව ටික ටික තේරුම් ගන්නව අම්ම දෙයක් අරන් දෙන්නෙ කොහොම ඉල්ලුවමද කියල. ඒකට හේතුව ඒ පුoචි දරුව තේරුම් ගන්නව අම්මගෙ මනස ක්‍රියාත්මක වෙන විදිය, ඒ ඒ මානසික මට්ටම් වලදි අම්මව ආමන්ත්‍රණය කරන විදිය.ඒ තමයි මනො විද්‍යාව.අපි හැමෝම මනෝ විද්‍යාව කියන විශයට කැමතියි,අපි හැමෝම ඒක ඉගෙන ගන්නව ජීවත් වෙන,හුස්ම ගන්න හ...