අද ඇත්තටම ලංකාවෙ තෙල් අර්බුදයක් (Oil Crisis) තිබෙනවාද ?
බොහෝ දෙනා අද දිනය වන විටත් තෙල් අර්බුදය පිළිබද විශාල භීතියක් ඇතිව කටයුතු කරයි. අප මේ සම්භන්ධයෙන් විමසීමට අද අපි කතා කලා AENZ International ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී(CEO) පසන් මලින්ද කැටිපෙආරච්චි මහතා සමග. පසන් කොහොමද නොවැම්බර් මාසයේ තෙල් අර්බුදයක් ඇති වුනේ ? ඇත්තටම මේක ටිකක් දිග කතාවක්. ලංකාවෙ දැනට පෙට්‍රල් දෛනික අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 4000ත් 5000ත් අත ර වෙන වා . ඉතින් මේ අවශ්‍යතාවය සපුරන්න වෙන දා ශ්‍රී ලංකාව තෙල් මිළදීගැනීම් කලේ දිගුකාලීන ගිවිසුම් වලට අනුකූලව. මෑතකදී නිකුත් වුන කැබිනට් පත්‍රිකාවක් සමග කෙටිකාලීන තෙල් අවශ්‍යතා සලකා බලා තෙල් ඉල්ලුම් කිරීමේ ක්‍රමවේදයක් තමයි දැන් භාවිතා වෙන්නෙ. ඒ අනුව IOC සමාගමේ තෙල් නැවක් ඔක්තෝම්බර් මස 15 පැමිණි අතර එම තෙල් නැව තත්ව පරික්ශාවෙන් අවලංගු වෙනවා. ඒ සමගම ඊලග තෙල් නැව එන්න නියමිතව තිබ්බෙ නොවැම්බර් 03 වැනිදා නමුත් ඒක ආවෙ නොවැම්බර් 09 වැනිදා. ඔතනින් තමයි ඔය අර්බුදය ආරම්භ වුනේ. සමාජ ජාල සහ කටකතා තෙල් අර්බුදයට බලපාන්නෙ කොහොමද ? සාමාන්‍යයෙන් තෙල් දෛනික අවශ්‍ය තාවය මෙට්‍රික් ටොන් 4000...