අද ඇත්තටම ලංකාවෙ තෙල් අර්බුදයක් (Oil Crisis) තිබෙනවාද ?
බොහෝ දෙනා අද දිනය වන විටත් තෙල් අර්බුදය පිළිබද විශාල භීතියක් ඇතිව කටයුතු කරයි. අප මේ සම්භන්ධයෙන් විමසීමට අද අපි කතා කලා AENZ International ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී(CEO) පසන් මලින්ද කැටිපෙආරච්චි මහතා සමග.
පසන් කොහොමද නොවැම්බර් මාසයේ තෙල් අර්බුදයක් ඇති වුනේ ?
ඇත්තටම මේක ටිකක් දිග කතාවක්. ලංකාවෙ දැනට පෙට්‍රල් දෛනික අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 4000ත් 5000ත් අතර වෙනවා. ඉතින් මේ අවශ්‍යතාවය සපුරන්න වෙනදා ශ්‍රී ලංකාව තෙල් මිළදීගැනීම් කලේ දිගුකාලීන ගිවිසුම් වලට අනුකූලව. මෑතකදී නිකුත් වුන කැබිනට් පත්‍රිකාවක් සමග කෙටිකාලීන තෙල් අවශ්‍යතා සලකා බලා තෙල් ඉල්ලුම් කිරීමේ ක්‍රමවේදයක් තමයි දැන් භාවිතා වෙන්නෙ.
ඒ අනුව IOC සමාගමේ තෙල් නැවක් ඔක්තෝම්බර් මස 15 පැමිණි අතර එම තෙල් නැව තත්ව පරික්ශාවෙන් අවලංගු වෙනවා. ඒ සමගම ඊලග තෙල් නැව එන්න නියමිතව තිබ්බෙ නොවැම්බර් 03 වැනිදා නමුත් ඒක ආවෙ නොවැම්බර් 09 වැනිදා. ඔතනින් තමයි ඔය අර්බුදය ආරම්භ වුනේ.
සමාජ ජාල සහ කටකතා තෙල් අර්බුදයට බලපාන්නෙ කොහොමද ?
සාමාන්‍යයෙන් තෙල් දෛනික අවශ්‍ය තාවය මෙට්‍රික් ටොන් 4000ත් 5000ත් අතර උනාට මේ සිද්ධිය ජනමාධ්‍ය තුලින් ප්‍රසිද්ධ වෙනකොට ලංකාවෙ මිනිස්සු කලබල වෙනවා. ඒ කලබල වීම මත ඒ අය දවස් දෙක තුනකට අවශ්‍ය තෙල් වෙනුවට සති දෙකකට අවශ්‍ය තෙල් ලග තියා ගන්න හදනවා ආරක්ශාවට. ඉතින් අන්න ඒක නිසා තෙල් ඉල්ලුම 60% සමහර විට 100%කින්ම ඉහල යන්න පුලුවන්. ඉතින් ඕන ඔය තත්වයත් එක්ක රටේ සමාන්‍ය විදියට පරිභෝජනය කරන්න ඊලග දවස් ටිකට තෙල් හිගයක් එනවා.
එතකොට තමයි තෙල් කෑන් වලට දීම නවත්වන්නේ. මොකද තෙල් කෑන් වලට අරන් ගිහින් ගොඩක් අය තියන් ඉන්නවා ඉදිරියෙදී හිගයක් ආවොත් භාවිතා කරන්න. නැතිනම් ජාවාරම් කරුවො ඒ තෙල් වැඩි මිලට අලෙවි කරනවා. ඔය අතරෙ මට එකපාරක් උනා වගේ වාහනේ මග තෙල් නැතුව නැවතිලා කෑන් එකක් අරන් ශෙඩ් එක ගාවට වාහනේ ගේන්න විදිහක් නැතුව ඉන්න අයත් ඉන්න පුළුවන් තමයි. නමුත් කරන්න දෙයක් නැහැ. මේ ප්‍රශ්නය සාර්ව ආර්ථික ගැටලුවක්(Macro Economic Issue). බහුතරය වැඩ කරන විදියටයි විසදුම් දෙන්න ඕන.
ඒ කියන්නෙ තෙල් හිගය ඇති කරන්නෙ මහජනතාව මයි කියන එකද ?
පැහැදිලිව ඔව්. ඔන්න ඊයෙත් ආයෙත් කවුරු හරි මිනිස්සු කණ්ඩායමක් රාවයක් යැව්වා තෙල් හිගයක් තියෙනවා කියලා. ඔක්කොම අය වාහන අරන් පෝලිමට යනවා. එවැනි අසාමාන්‍ය ඉල්ලුමක් දවස් පහක් හයක් තිබ්බොත් එවැනි තත්වයක් ඇති වෙන්න පුළුවන්.
මේවිදියටයි මහජනතාවගේ තීරණ, ඉල්ලුම-සැපයුම තීරණය වෙන්න බලපාන්නේ.
තෙල් වල තියෙන්නේ පාලන මිලක්. ඉතින් ආර්ථික විද්‍යාවට අනුව පාලන මිලක් තීන භාණ්ඩයකට දැඩි ඉල්ලුමක් ආපු ගමන් ආනයනය කිරීමට කල් යනවා නම් එවිට සැපයුම මදි වෙලා Black Market එකක් හැදෙන්න ගන්නවා. ඕක සරල සිද්ධාන්තයක්.
තෙල් අර්බුදයට හේතු හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරා. මෙම තෙල් අර්බුදධයට එම කොමිසමින් සොයාගත් හේතු මොනවාද ?
ඇත්තටම ජනාධිපති කොමිසම තුලින් හේතු කීපයක්ම ඉදිරිපත් කරලා තිබුණා.
පලවෙනි හේතුව රටේ තෙල් සංචිත පවත්වාගෙන නොයාම .මේකට කළමනාකරණයෙ කියනව Re-order Level සහ Buffer Stock Level කියලා. අපි buffer stock level එකට එන්න කලින් අපි නැවත තෙල් ඇනවුම් කරන්න ඕන Re-order Level එකේදී මොකද තෙල් ලංකාවට එන්න කාලයක් ගතවන නිසා.
දෙවැන්න කොලොන්නාව, සපුගස්කන්ද සහ මුතුරාජවෙලට තෙල් ප්‍රවාහනය කරන නල (Tubes) ප්‍රමාණවත් නොවීම.
තෙල් Unload කිරීමට ඇති Tug Boat ප්‍රමානයේ මදිකම. දැනට අපිට තියෙන්නේ එකයි. ඔන්න ඔය හේතු තමයි ඒ කොමිසම ඉදිරිපත් කරලා තිබුණේ.
තෙල් අර්බුධය විසදීමට ජනාධිපති කොමිසමෙන් ලබාදී තිබූ නිර්දේශ මොනවාද ?
පළවෙනි එක දිගුකාලීන ගිවිසුම් වලට එළබීම. දෙවැනි විසදුම සපුගස්කන්ද තෙල් පිරිපහදු කිරීමේ ශක්‍යතාව පුළුල් කිරීම සහ ත්‍රීකුණාමලය තෙල් ටැංකී ආශ්‍රිත ගැටලු නිරාකරණය කිරීම.
2018 අයවැය තුලින් තෙල් අර්බුදයට ප්‍රතිචාර දක්වල තිබුනෙ මොන විදියටද ?
ඇත්තටම අයවැය ඇතුලෙ සූර්‍ය ශක්තිය භාවිතය වැඩි කිරීමට යෝජනා කරල තිබුනා .ඒ වගේම Electric වාහන භාවිතය වැඩිපුර ප්‍රචලිත කිරීමට සහන සපයල තිබුණා. ඒ තුලින් ඉන්දන පරිභෝජනය සීමා කරලා රටේ ආනයන වියදම අඩු කර ගැනීමටත් පරිසර හානිය අවම කිරීමටත් කටයුතු කිරීම අයවැයෙ සැලැස්මක්.
ඒ කියන්නෙ විද්‍යුත් වාහන භාවිතය තුලින් බලශක්ති අර්බුදය ලංකාවෙ විසදෙනවද ?
හොද ප්‍රශ්නයක්. ලංකාවට ආපු විද්‍යුත් වාහන භාවිතා කරන අය දැනට Charge කරන්නෙ ඒ අයගේ නිවෙස් වල. එයාල කියපු කතාවක් තමයි මාසෙකට විදුලි බිලේ විශාල වැඩිවීමක් උනා කියන එක. ඒ කියන්නෙ ලංකාවම විදුලි මෝටර් වලින් දුවන වාහන වලට ගියොත් විදුලි ඒකක පරිභෝජනය වර්ථමාන තත්වයට සාපේක්ශව 80%කින් හො සමහර විට 100%කින් වැඩි වෙන්න පුළුවන්.
2016 දත්ත අනුව 35%ක් ලංකාවෙ විදුලිය නිපදවන්නේ ගල් අගුරුවලින් ඒවගෙම තවත් 30% ඉන්ධන භාවිතා කරලා. එහෙම ගත්තොත් 65% ක්ම නැවතත් ආනයනය කරන බලශක්ති ප්‍රභව සහ පරිසර හානිය වැඩි බලශක්ති ප්‍රභව. ඉතින් විදුලි පරිභෝජනය වැඩි උනොත් ආපහු ඉන්ධන සහ ගල් අගුරු වැඩිපුර ගෙන්නන්න වෙනවා. එවිට ආයෙත් අපි බලශක්ති අර්බුධයකට යනවා දිගුකාලීනව.
එහෙම නම් මේ ගැටලුවට විසදුම කුමක්ද ?
මේ ගැටලුව ඇත්තටම ඉතාම සීරුමාරුවෙන් ආර්ථිකයේ හැම කෝණයක්ම බලලා විසදන්න ඕනෙ එකක්.
අපි සූර්‍ය බලශක්තිය පැත්තට යොමු වෙනව නම් සූර්‍ය බලශක්ති ජනන උපකරණ අඩු මිලට ගන්න තියෙන්න ඕන. ඒ වගේම කර්මාන්ත ශාලා, නිවාස සියල්ල සූර්ය බලශක්තිය නිපදවන ස්ථාන බවට පත් කරන්න ඕන. එහෙම කරන එක ලොකු ආයෝජනයක්. ඒ නිපද වන ශක්තිය ප්‍රමාණවත් වෙයිද කියන ගැටලුව තිබෙනවා.
ඒ අනුව AENZ International ආයතනය මේ සදහා ඉදිරිපත් කරන යෝජනා පහත පරිදි වෙනවා.
1. ශ්‍රී ලංකාවෙ බලශක්ති ඉංජීනේරුවන් භාවිතා කර සුලබව ලබාගත හැකි මිලෙන් අඩු පරිසර හානිය අවම වන බලශක්ති ප්‍රභව පර්යේෂනයන් (Research & Development) ආයෝජනය කිරීම.
2. එසේ හදුනාගත් බලශක්ති ප්‍රභව භාවිතා කර විදුලිය නිපදවීම. ඒ වගේම එම බලශක්ති ප්‍රභව භාවිතා කරන යන්ත්‍ර උපකරණ සහ රථ වාහන දේශීය තාක්ශණය යොදා ගෙන නිර්මාණය කිරීම
3. එසේ සොයා ගත් නව නිපැයුම් ප්‍රවර්ධනයට සහ සවිබල ගැන්වීමට පුද්ගලික අංශයේ ස්ථාවරත්වයක් ඇති සමාගම් ආයෝජනය කිරීමට පෙළඹවීම. එවිට බැංකු ණය ලබා ගැනීම පහසු වනු ඇත
4. එම නව නිපැයුම් වලට අවශ්‍ය කරන නෛතික රාමුව සරල කිරීම.
5. ජන මාධ්‍ය මෙම කටයුත්ත රටේ ප්‍රධාන කාර්‍යක් සේ සලකා එම නව නිපැයුම් පිළිබද ජනතාව දැනුවත් කිරීමට සන්නිවේදන දායකත්වය සැපයීම.
6. මහජනතාව දිගුකාලීන ඇසකින් මෙම ගැටලුව දෙස බලා මෙම ව්‍යාපෘති සදහා සහයෝගය දැක්වීම.
7. මූල්‍ය ආයතන මෙම නව නිපැයුම් මිලිදී ගන්නන්ට පහසු ගෙවීමේ ක්‍රම හදුන්වාදීම වගේම මෙම නව නිපැයුම් මහා පරිමාණ කර්මාන්ත බවට පත් කිරීමට ණය මුදල් ලබාදීම.
8. නියාමන ආයතනයක් රජයෙන් ඇතිකර මම ක්‍රියාවලියට සහයෝගය ලබාදීම. විශේශයෙන්ම ලියාපදිංචි ගාස්තු සහ රෙගුලාසි අවම කිරීමට සහ දේශපාලන ඇගිලි ගැසීම් අවම කිරීමට වග බලා ගැනීම.
අවසාන වශයෙන් අද දිනයේ මහජනතාව ක්‍රියා කල යුත්තෙ කෙසේද ?
ඇත්තටම කට කතා වලට රැවටෙන්න එපා. වාහනේ දැනට තිබෙන ඉන්ධන දවස් දෙකකට ප්‍රමාණවත් නම් ඉන්දන පිරවුම් හල් ගාවින් අහක බලන් යන්න. රටේ යම් කිසි පටු මතයක් ඉටු කර ගැනීමට කිහිපදෙනෙක් ඔබේ මානසික අවශ්‍යතා එක්ක කරන සෙල්ලමක් මේක. ඉතින් මෙන්න මේ හරය තේරුම් ගන්න. අපි අපිව වෙනත් අයට පාලනය කරන්න දෙන්න නරකයි. ඔබේ පාලනය ඔබේ අතට ගන්න.
Business NEWS
මෙම වැඩමුළුව පිළිබද වැඩි විස්තර ලබාගැනීම සදහා මෙතනින් Click කරන්න

Comments
Post a Comment