හුස්මක් පුරා, ඉල්ලා සිටින්නේ, යලි හිරු නාවත් ගීත වල Production කල ජපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවසායකයා නවීන් පෙරේරා

අද ව්‍යාපාර  අනාගතය තුලින් අපි කතාකරන්න යන්නෙ Voices Lanka Production සහ Venus Entertainment  හි අධිපති  නවීන් පෙරෙරා සමග.

1.නවීන් මහත්මා. අපිට කියන්න පුලුවන්ද මොකද්ද ඔබතුමාගෙ ව්‍යාපාරෙන් වෙන්නෙ කියල ?

සරලව කිව්වොත් Voices Lanka කියන්නෙ Record Label එකක්. අපි ඒ Record Label එක යටතෙ  audio සහ Video නිෂ්පාදනය කරනව. Production House එකක් විදියට මෙය ආරම්භ උනේ 2009 අවුරුද්දෙ, 2014 ඉදන් ක්‍රියාකාරීව වෙළද පොළ උදෙසා නිෂ්පාදනය කරනව. ඊට අමතරව Venus Entertainment  නමින් මගේ තවත් ව්‍යාපාරයක් තීනව. එම ව්‍යාපාරයෙන් වෙන්නෙ Event Management සහ Digital Marketing. අපි ප්‍රවර්ධන  වැඩ භාර ගත්ත සෑම Music Video එකක් ම youtube එකේ ඉහල ශ්‍රේණි ගත කිරීම් වලට ආව.

නවීන් මහත්මයා. ඔබතුමා හොදට ඉගෙන ගත්තු කෙනෙක්. අපිට කියන්න පුලුවන්ද ඒ පසුබිම ගැන විස්තරයක්.

මම පාසල් ගියේ කොළඹ  නාලන්ද විද්‍යාලයට, මම උසස්පෙළ වාණිජ  අංශයෙන් දිවයිනෙන්  197 වෙලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ප්‍රවිශ්ඨ  වෙනව. මට ව්‍යාපාර පරිපාලනය පිළිබද විද්‍යාවේදී  විශේෂ  උපාධියක් තිබෙනව. උපාධිය  හොදින් කර ගන්න පුලුවන් උනාට විශ්වවිද්‍යාල ජීවිතේ මට හොද එකක් උනේ නැහැ.  මම ජීවිතේ විශල කඩාවැටීම් වලට ලක්වුනා ඒ වසර 4 ඇතුලත. මෙම අංශයට පිවිසෙන්න හේතු උනේ මගේම ව්‍යාපාරයක් පටන් ගන්නත් හේතු උනේ ඒ කරුණු. 2009 සන්නම් නාමයකට පමනක් සීමා වුනු ව්‍යාපාරය ව්ශ්වවිද්‍යාලයෙ දෙවනි  වසරෙ ඉදන් මම වානිජ මය අරමුණු පදනම් කරගත් ව්‍යාපාරයක් කරන්නත් උපාධියට වඩා එම ව්‍යාපාරය දියුනු කිරීමට කාලය යොදවන්නත් ඒ වසර 4 තුල  ජීවිතේ සිද්ද වුනු කඩාවැටීම් හේතු උනා.

කොහොමද ඔබ තුමා පුංචි තැන ඉදන් මහා වෘක්ෂයක් වගේ වෙන්න Voices Lanka ගොඩ නැගුවෙ ? මොනවද ඔබතුමා භාවිතා කල උපක්‍රම ?

මෙහෙමයි මම වසර තුනක් ලංකාවෙ Music Field එකෙ කට්ට කෑව මුලින්ම අතින් වියදම් කරගෙන. මම මුලින්ම කලේ අධ්‍යනය කරපු එක සහ අත්දැකීම් ලබා ගත්තු එක.වක්‍රාකාරව සිරස සුපර්ස්ටාර් තරගාවලියට සම්බන්ධ වෙන්න ලැබුනු  එක හොද ඉගෙනීමක් සහ සම්භන්ධතා ගොඩ නගා ගැනීමට මහගු අවස්ථාවක් වුනා. මේ වෘත්තීය තුල කරපු අධ්‍යනයන් තුල  මට පුළුවන් උනා මේ වෘත්තියේ තීන පාරිභෝගිකයන්ගෙ තෘප්තිමත් නොවුනු අවශ්‍යතා හදුනා ගන්න. ඒක තමයි මගේ සාර්ථකත්වයේ ආරම්භය විදියට නම් කරන්න පුළුවන්. Facebook ලංකාවෙ කලාව තුල  2012 දී අපේ ආයතනය පළමු වරට ගීත ප්‍රචලිත කිරීම ආරම්භ කලා. දැන් හැමෝම වගෙ ඒක කරනව. පසු කාලීනව මම ආරම්භ කල Venus Entertainment ආයතනයෙන් අපි සේවා සපයල තීනව අති දැවැන්ත ශිල්පීන්ට  සහ ජනප්‍රිය නිෂ්පාදන ආයතන වලට Digital Marketing Promotion තුලින්.
voices Lanka තුලින් මම මුලින්ම ප්‍රවේශ වෙන්නෙ Music Video Director කෙනෙක් විදියට.මම මේ වෙනකොට තෝරා බේරා ගෙන කල Music Video 7ක් පමණ අධ්‍යක්ෂනය කරල තියෙනව. Youtube ශ්‍රේණිගතකරනයෙ ඉන් කිහිපයක්ම ඉදිරියෙන් ඉන්නව . ඒවගේම අග්‍රාමාත්‍ය තුමා පවා මගේ නිශ්පාදන පැසසුමට ලක් කරල තිබෙනව. මේ වෙනකොට මට Music Video එකක් කරන්න හොදම කණ්ඩායමක් ඉන්නව.  ඒ වගේම Audio Production පැත්තත් එහෙමයි. මම හැමවිටම මගේ ව්‍යාපාර කටයුතු වලට යොදා ගත්තෙ වෘත්තිකයන්. ඒක තමා අපේ සාර්ථකත්වයෙ තවත් රහසක් උනේ.

ඔබතුමාගෙ නිෂ්පාදන තුලින් ගැඹුරු අරුතක් පිළිබිඹු  වෙනව . ඒ වගේම ඔබ නවකයන්ට අවස්ථාව සලසල දෙනව කියල ප්‍රසිද්දයි ඒ ගැන යමක් කියන්න කැමතියි ද ?
ඔව් අපේ වෙළදපොළ කණ්ඩනය ආදුනික දක්ශ කටහඩවල්. අපි ගොඩක් උනන්දුවෙන් ඉන්නව රටට වටින එහෙම කටහඩවල් සොයා ගන්න. අපි බිහිකළ තරුවක් තමයි හුස්මක් පුරා හීතය ගායනා කරන ඉන්දික උදයන්ත. එයා Youtube ශ්‍ර්‍රේණිගත කිරීම් වල පස්වන තැනට ළගා වුනා.ඒ ගීතය youtube තුලින් විතරක් ලක්ශ 10 කට ආසන්න රසවිදින්නන් නරඹල තිබුනා.ඒවගේම මේ දවස් වල ජනප්‍රිය ඉල්ලා සිටින්නෙ  ගීතය ගායනා කරන නිමේෂා ආරියරත්න අපි එහෙම හදුන්වා දීපු කෙනෙක්.ඒවගේ විශාල තරුණ පිරිසක් ඉන්නව
. මම දැන් නම් music video අධ්‍යක්ෂනය  කරන්නෙ අඩුවෙන් හොයල බලල. නමුත් මගේ Voices Lanka ආයතනය බොහෝ music video නිෂ්පාදනය කරනව. මට අමතරව වෘතීමය අධ්‍යක්ෂක වරු කිහිපදෙනෙක් අප ආයතනයේ වැඩ කරනව.  නොබෝ දිනකින් රූප ගත කරන අහඩම ඉල්ල music video එක ගොඩක් කතා බහට ලක්වෙයි කියල හිතනව.

අලුත් අයට සංගීත වෘත්තීයෙ නැගිටින්න අමාරුයි.අපේ අත්දැකීම් එක්ක අපි උත්සාහ කරනව ඔවුන්ව ආරක්ෂා කර ගෙන තැනකට ගේන්න.ඒක හැබැයි දවසෙන් දෙකෙන් කරන්න පුලුවන් දෙයක් නම් නෙවෙයි. දැනට අපිත් එක්ක ඒ ගමන ඉවසීමෙන් යන ආදුනිකයො ඉන්නව.

ඔබතුමාගේ වර්ථමාන  ව්‍යාපාර තත්වය පිළිබද සදහනක් කරන්න පුලුවන්ද ?

ඇත්තටම සතුටුයි. මම මේ දක්වා කිසිදු රැකියාවක් කරන්නෙ නැතිව ව්‍යාපාරයෙන්මයි සියලු දේ උපය ගත්තෙ. මට කියල නිවසක් වාහනයක් ගන්න හේතු උනේ ව්‍යාපාරය. දැන් මාත් එක්ක වැඩකරන වෘත්තීකයො ගොඩාක් ඉන්නව. Voices Lanka එකට අපි අලුතෙන්  Studio එකක් පටන් ගත්ත පන්නිපිටියෙ. ගීතයක් නිෂ්පාදනය කරන්න ඕනම කෙනෙක්ට අවශ්‍ය වන සියලුම පහසුකම්  එහි තෙබෙනව. Music Video වලත් එහෙමයි. ඕනම budget එකකට නිෂ්පාදනය කිරීමෙ පිරිමැසුම් වාසිය අපිට තෙබෙනව. නමුත් අපි වැඩ කරන්නෙ තෝරා බේරා ගෙන.ඉල්ලුමත් හොදයි මේ මාසෙ අපිට music video 3ක් සහ audio production තුනක් කරන්න තියෙනව. සෑම මාසයකම ඒහා සමානව අපි තෝරා බේරා වැඩ කරල තිබෙනව.

ඔබතුමාට මේ ගමන එන්න උදව් කල අය ගැන මතක් කිරීමක් කරනව නම් ?

මුලින්ම අම්මයි තාත්තයි මට සෑහෙන උදව් කලා. ඉන් පසුව ප්‍රිහාන් මඩප්පුල්ලී , එශන ගබඩාමුදලිගේ , මහේෂ් කරුනාරත්න ,කසුන් කාවින්ද, හිමාන් කැකුලාවල, තිවන්ක උදාර ,මහේෂ් ගුණවර්ධන, නාලනී ආරියරත්න , විදූෂි උත්තරා, කැලුම් වැලිගම . ඒ වගේම AENZ හරහා ලංකාවට අලුත් දෙයක් දෙන්න උත්සාහ දරන පසන් මලින්ද කැටිපෙආරච්චි ඇතුලු කණ්ඩායමටත් අපි සුභ පතනව.

නවීන් මහත්මයා ඔබතුමා නියෝජනය කරන විශ්වවිද්‍යාල ප්‍රජාව වගේම , අනාගතේ ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්න අයට දෙන්න කැමති පණිවිඩේ කුමක්ද ?

උපදෙස් 4ක් දෙන්න කැමතියි.
1. ඕනෑම ව්‍යාපාර අංශයක ව්‍යාපාරයක් අරභන්න නම් ඉස්සෙල්ලාම ඊට අදාල නිසි අධ්‍යනයක් කරන්න නැතිනම් අත්දැකීම් ලබා ගන්න. එහෙම නැතුව කරන ව්‍යාපාරයකට තීන්නෙ කෙටි ආයු කාලයක්. මම මේ ව්‍යාපාරෙ පටන් ගත්තෙ කිසිදු ප්‍රාග්ධන  පිරිවැයක් තොරව හුදෙක් අධ්‍යනය සහ අත්දැකීම් මත.ඔබ අධ්‍යනය කර ඉගෙන ගන්න දැනුමත් අත්දැකීම් නුත් මත ව්‍යාපාරය පටන් ගන්න. අපේ අංශයෙත් අත්දැකිමක් දැනූමක් නැති විශාල පිරිසක් සිටිනව ඒ නිසා සංගීත කලාවෙ ගුණාත්මක භාවයට බලපෑම් වෙලා තීනව. ගොඩක් වෙලාවට සංගීතය කරන අය video produce කරන්න හදනව සිංදු කියන අය සංගීතය හදන්න යනව. ගොඩක් දෙනෙක් එදා වේල හොයා ගෙන මේ field එකට එනව යනව. පැවැත්ම කෙටි කාලීනයි. ඒ නිසා අධ්‍යනයක් සහ අත්දැකීම් අත්‍යවශ්‍යය  කරුනක්.
2. ඔබේ ව්‍යාපාරයට දක්ශයන් පමනක් ගන්න. කයිවාරු ගස්න බොරු කාරයින් ගන්න එපා. ඔබ වැරදි පුද්ගලයන් ආශ්‍රය කර්න තරමටයි හරි පුද්ගලයො අදුන ගන්න පුලුවන්. ඒ නිසා සුදුසුම පුද්ගලයො යොදාගන්න.මමත් අනවශ්‍ය පුද්ගලයො යොදා ගන්න ගිහින් කාලයයි මුදලුයි දෙකම නාස්ති කර ගත්තා. දැන් මම හරි පුද්ගලයො තෝරන් ඉන්නව.
3. ඔබ කෙරෙහි පමණක් විශ්වාසය තියන්න.තමන් තරම් තමන්ගෙ  ව්‍යාපාරයෙ ඉන්න අනෙක් අය ආදරෙ කරන්නෙ නැහැ.
4. කරන වැඩ තෝරා බේරා ගෙන කරන්න. තමන්ගෙ ප්‍රතිපත්ති  වලට ගැලපෙන කාරයන් තෝරා බේරා ගෙන කිරීම වැදගත්

මේ සියල්ල අතර අවංක භාවය පවත්වාගෙන යන්න ඔබට කිසිදා වරදින්නෙ නැත.

ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන
ව්‍යාපාර අනාගතය .

Comments

Popular posts from this blog

How To Control The Business Risk By Mr. Praveen Nirmana Gunawardena

යකඩත් එක්ක හැප්පිල ව්‍යාපාර ලෝකය ජය ගත්තු අමිල

STRATEGIST LIVING IN YOU