අලෙවිකරණ දැණුමෙන් ගාල්ලටම තේ පැල නිෂ්පාදනය කරන කළණ
අද ව්‍යාපාර අනාගතය තුලින් ඔබ වෙත ගෙන එන්නේ කෘෂිකාර්මික අංශයේ ව්‍යවසායකයෙක් . ඔහු නමින් කළණ වික්‍රමසිංහ . එතුමා තමයි Dream Tea Plant Nursery හි අධිපතිතුමා.
කළණ මහත්මා අපිට කියන්න කෙටියෙන් මොකද්ද මේ Dream Tea Plant Nursery කියන්නෙ කියල?
Dream Tea plant Nursery කියන්නෙ කියල කෙටියෙන් හා සරලවම පැහැදිලි කරනවනම්, අපේ ප්‍රදාන කාර්‍ය භාර්‍යය පහතරට තේ වගා කරුවන්ට අවශ්‍යය වෙන සියලු ක්ලෝනයන්ගෙන් යුතු තේ පැළ නිශ්පාදනය කිරීම.
කළණ මහත්මා අපිට කියන්න කොහොමද Dream Tea Plant Nursery පටන් ගන්න වටපිටාව හැදෙන්නෙ කියල ?
ඒක දිග කතාවක්.පුලුවන් කෙටියෙන් කියන්නම් සාමාන්‍යය පෙළ විභාගෙන් පටං අරගෙන.
බද්දෙගම ක්‍රිස්තුදේවෙන් ශිෂ්‍යත්ව විභාගෙ පාස්වෙලා ගාල්ල මහින්ද විද්‍යාලෙට යන්නෙ ලොකු බලාපොරොත්තු ගොන්නක් එක්ක,සාමාන්‍ය පෙල හොදින් සමත් වෙනව, ඊලග කඩයිම උසස් පෙළ.
මේ කාලෙ තමයි ජීවිතේ තීරනාත්මක තීන්දුව ගන්න වෙන්නෙ උසස්පෙළට තෝරගන්න විශය ගැන.ල් කටපාඩම් තියරි කොහෙත්ම මං අප්‍රිය කල නිසා කලා විශයන්ගෙන් ඈත් වෙනව, ආස කරන්නෙ විද්‍යා විශයන්වලට ඒත් සාමාන්‍යපෙල භෞතික විද්‍යාව කොටස් වලින්ම ඒ විශය ගැන සුපිරි තත්වයකට එන්න බැහැ කියන මගේම නිගමනයත් එක්ක මං හොයනව ඒ විශය නැතුව ඒලෙවල් විද්‍යා විශයන් කරන්න ඕනෙ කියල. මගේ ජීවිතේ මං ආස කරේ ජීව විද්‍යාවට ඒ ආසාවෙ ප්‍රතිපලයක් විදියට සාමාන්‍ය පෙල ගනිතය,විද්‍යාව,කෘශිකර්මය කියන විශයන්වලට A සාමාර්ත තියෙන නිසාත්, කෘශිකර්ම විශයට ගොඩක් ආස කර නිසා උසස් පෙල සදහා කෘශි විශයන් හදාරන්න තීරනය කරනව. ඒත් යම් යම් බලපෑම් එක්ක ඒ තීරනය ක්‍රියාත්මක කරන්න මට ඉඩ හම්බෙන්නෙ නැහැ. අවසානයේ විශයන් තුනවත් නොදන්නා වානිජ විශයන් හදාරන්න තීරනය කරනව.උසස් පෙල සාමාන්‍ය ප්‍රතිපලයක් සහිතව සමත් වෙනව.වැඩි දුර අද්‍යාපනයට ශ්‍රී ලංකා අලෙවිකරන ආයතනයට (SLIM) ඇතුලත් වෙනව.

අලෙවිකරනය ප්‍රගුන කිරීමත් එක්ක මට හිතෙනව රස්සාවකට කොටු වෙනවට වඩා මේ දැනුමත් මගේ සහජ දක්ශතාවත් එක්ක මගේම ව්‍යාපාරයකට යන්න පුලුවන් කියල.වැරදුනු තීරනයන්ගෙන් හැදෑරූ විශයන් අද්‍යනයෙන්ම ලද පන්නරයෙන්ම කෘශි ක්ශේත්‍රයට යොමු වෙන්නත් හිතේ තිබ්බ ආසාව ඉශ්‍ට කරගන්නත් තීරනය කරනව. දැඩි අභියෝග හමුවේ තීරනය ක්‍රියාත්මක කරන්නට පටං ගන්නව. ඇරබුමම අභියෝගයක් වෙනව ඒත් නවතින්නෙ නැහැ.
ඔබ අලෙවි කරනය වෘත්තීය වශයෙන් හදාරපු කෙනෙක් වෙලා කොහොමද මේ තේ ක්ලෝන නිෂ්පාදනය කියන කර්මාන්තයම තෝර ගත්තෙ?
අලෙවිකරනයෙන් උගත් දෑ වලින් හා ඒ උපදේශනවලින් තේරෙන්න ගන්නව භාන්ඩ හා සේවා අංශය මොන තරම් පුලුල් හා මොනතරම් අවස්තා තියෙන ක්ශේත්‍රයක්ද කියන දේ.
අලෙවිකරනයෙන් උගත් දෑ වලින් හා ඒ උපදේශනවලින් තේරෙන්න ගන්නව භාන්ඩ හා සේවා අංශය මොන තරම් පුලුල් හා මොනතරම් අවස්තා තියෙන ක්ශේත්‍රයක්ද කියන දේ.
අපේ ගම ඒ කියන්නෙ උනන්විටිය කියන ප්‍රදේශය සුවිශේශ වෙලා තියෙනව තේ තවාන් කර්මාන්තයට.. පොඩි කාලෙ ඉදංම මාමට අයිති තේ තවාන් වලත් ඒ කටයුතුවලට උදව් වීමෙන් තිබ්බ දැනුමත් එක්ක මං යොමු වෙනව ස්වයං අද්‍යාපනයකට.ඒකට කර්මාන්තයේ ඉන්න හිතවතුන්ගෙන්,පර්‍යේශන ආයතන නිලදාරීන්ගෙන් මට හොද සහයක් ලැබෙනව.
ඒ තුලින් ප්‍රදානවම නිරීක්ශනයට ලක් වෙනව ඉල්ලුමට සාපේක්ශව සැපයුම ඉතාමත් මන්දගාමී තත්වෙක පවතින බවත් මේ සදහා අභියෝග හා විශාල පරිසර සාදක් ගනනාවකුත් සැපිරිය යුතු බව..
අභියෝගයම අවස්තාවක් විදියට යොදාගැනීම මගේ ජීවිතේ ක්‍රමයක් නිසාවෙන්ම,
ඒ සියල්ල එක්ක මේ සංකීර්න ක්‍රියාවලිය ගැන සුවිශේෂි දැනුමක් හා අත්දැකීම් තුලින් ලද පන්නරයත් එක්කාසුවෙන්, තරුණයෙක් විදියට යොමු නොවන දුලබ ව්‍යාපාරයක් වෙන මේ කර්මාන්තයට සම්බන්ද වෙනව
මෙම කර්මාන්තයේ තිබෙන අභියෝග පිළිබද අපිට ටිකක් විස්තර කලොත්?
ප්‍රධානම අභියෝගය වෙන්නෙ අමු තේ දලු මිල අඩු වැඩිවීමත් සමග වගාව සදහා ඇති ඉල්ලුම වෙනස් වීම ප්‍රදානයි.
කාලගුන වෙනස්වීම් වලට අවස්තානුකූලව නිවරදි තීරන ගතයුතු වෙනව.
ඒ වගේම තේ කර්මාන්තයේ නියුතු බහුතරයකගේ තේ වගාව සම්බන්ද දැනුම ඉතාම අල්පයි.නිවරදි ක්‍රමය හා ගුණත්වය පිලිබද ආකල්ප ඉතාමත් දුර්වල මට්ටමක පවතින්න.
ඒ වගේම වෙනත් රටවලට සාපේක්ශව කෘශි කර්මාන්තයට ඇති සමාජ මතය හා අවදානය යොමුවීමත්, රාජ්‍ය අංශයෙන් ලැබෙන සහයත් ඉතාම දුර්වල මට්ටමක පවතින්නෙ.
කොහොමද මේ අභියෝග වලට ඔබ තුමා සාර්ථකව මුහුන දුන්නෙ ?
මුහුන දුන්න වගේම තවමත් මුහුනදෙමින් තමයි මේ ගමන යන්නෙ.ගනුදෙනුකරුවන්ගෙ විස්වාසය දිනාගැනීමත්,ගුනත්වයෙන් ඉහල නිශ්පාදනයක් හා සේවාවක් ඔවුන් අතට පත් කිරීම තුලිනුත්,
මනා ඉවසීමෙන් හා ව්‍යාපාරයට අදාලව ගතයුතු කලමනාකරන තීරන නිසි පරිදි ගැනීමෙනුත් ඒ අභියෝග සාර්තකව පසු කරමින් යන්න පුලුවන් වෙලා තියෙනව කියන දේ විස්වාස කරනව.
මේවනවිට ඔබ තුමා පටන් ගත්තු තැනින් කොච්චර ඉදිරියට ගමන් කරල තීනවද කියන එක ගැන විස්තර ටිකක් කියන්න පුලුවන්ද ?
ආරම්භයේදි ඒ කියන්නෙ 2011දි අපේ ඉලක්කය උනේ වසරකට පැළ පන්දහසක් නිෂ්පාදනය කරන්න.මොකද මේ සදහා ආරම්භක ප්‍රාග්ධනය විදියට යොදවන්න මා සතු උනේ රුපියල් 2500ක් වැනි සුලු මුදලක්.දහසකුත් එකක් අභියෝග මැද අපි ඒ ඉලක්කය සපුරා ගත්තා.ඒ සදහා මූලික ආරම්භය සදහා ප්‍රාග්දනයෙන් හා ශ්‍රමයෙන් හවුල් කරුවෙකු විදියට එවකට කලමනාකරන සිසුවෙක් උන මාගෙ මිත්‍ර චතුර ලක්මාල් නුත්, මිතුරන්,නෑ හිතවතුන්ගෙන් ලද උපකාරය මහත් රුකුලක් උනා.
කෙමෙක් කාලය ගත්වෙත්ම,අපේඉලක්කය කෙමෙන් කෙමෙන් වැඩි කරගන්නට උත්සුක උනා වසර හයක ඇවෑමෙන් මුල් ඉලක්කය මෙන් විසි ගුනයක ඉලක්කයක් සපුරන්නට සමත්වෙලා තියෙනව.
කෙමෙක් කාලය ගත්වෙත්ම,අපේඉලක්කය කෙමෙන් කෙමෙන් වැඩි කරගන්නට උත්සුක උනා වසර හයක ඇවෑමෙන් මුල් ඉලක්කය මෙන් විසි ගුනයක ඉලක්කයක් සපුරන්නට සමත්වෙලා තියෙනව.
රටේ ප්‍රධාන අපනයන භෝගයක් ආශ්‍රීත කර්මාන්තයක ඔබ තුමා නියැලෙන එක ගැන ව්‍යාපාර අනාගතය කාර්යය මණ්ඩල ඔබ තුමාට ප්‍රශංසා කරනව වගේම ඔබතුමාගෙ අනාගත බලාපොරොත්තු මොනවද ?
සමස්තයක් විදියට ගත්තොත් අපි අත්පත් කරගෙන ඉන්නෙ ඉතාමත් සුලු ව්‍යාපාර කොටසක්.සමස්ත ඉල්ලුමෙන් අපේ සැපයුම ප්‍රතිශතයක් විදියට සැලකුවහොත් 1%කටත් අඩු ප්‍රමානයක්.
අපේ ඉලක්කය සැලකිය යුතු ව්‍යාපාර කොටසක් අත්පත් කරගැනීම.
අපේ ඉලක්කය සැලකිය යුතු ව්‍යාපාර කොටසක් අත්පත් කරගැනීම.
ඒ වගේම අනෙකුත් අපනයන බෝග ආශ්‍රිත පැල නිශ්පාදනයත් අපි ආරම්භ කරල තියෙනව
ඒ වගේම මේ වතු කලමනාකරන කටයුතු හා උපදේශන කටයුතු සේවාවක් විදියට සැපයීමටත් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනව.
ඒ වගේම මේ වතු කලමනාකරන කටයුතු හා උපදේශන කටයුතු සේවාවක් විදියට සැපයීමටත් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනව.
අප ආයතනය ගැන විමසීමට හා ඉඩක් වෙන් කිරීමට උත්සුක වූ " ව්‍යාපාර අනාගතය " ආයතනයේ සියලු දෙනාට බොහොමත්ම ස්තුතියි.
ඔබතුමා ව්‍යාපාරයක් අලුතෙන් පටන් ගන්න හිතන් ඉන්න ඕනෑම කෙනෙක් ට දෙන පණිවිඩය කුමක්ද ?
අලුතෙන් හිතන අය ගොඩක් බිහිවෙන කාලයක අපි ඉන්නෙ, ඒත් හිතේ තියෙන බය සහ විවිදාකාර මතිමතාන්තර නිසා අලුත් දෙයක් ඇතිවීම තමන් විසින්ම නතර කරගෙන තියෙන්නෙ,
දෙන්න පුලුවන් හොදම උප්දෙස තමයි මුලින්ම තමං තීරනය කරපු ව්‍යාපාර ක්ශේත්‍රය ගැන පුළුල් විශ්ලේශනයක් සිදුකිරීමෙන් පස්සෙ පවතින අවස්තා හා අභියෝග දැනුවත්ව ව්‍යාපාරයට පිවිසෙන්න පුලුවන්නං සුභ දායී අනාගතයකට යන්න පුලුවන් වෙනව.තනි තීරන ඇතැම් විට අසාර්තක වෙන්න පුලුවන්, දැනුම අල්ප වෙන්න පුලුවන් එවන් අවස්තාවක වඩාත් සුදුසුකම් ඇති ආයතනයකින් හෝ පුද්ගලයින්ගෙ සහය ලබාගන්න පුලුවන්.අද තාක්ශනය හා ව්‍යාපාර ලෝකය දියුනුයි ඒ නිසා දැනුම ඉතාමත් වැදගත් මූලාරම්භයක් වේවි.

Comments
Post a Comment