අපි ගැන කව්රුවත් ලිව්වෙ නෑ- පසන් - Business Tommorrow හැදුනු විදියෙ කතාව
අද ව්‍යාපාර අනාගතයෙ සත් දින Editors Line තුලින් ඔබ හමුවට එන්නෙ AENZ Global Consultants ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී පසන් මලින්ද කැටිපෙආරච්චි මහතා
පසන් ඇත්තටම මොකද්ද මේ ව්‍යාපාර අනාගතය පිටුව පටන් ගන්න හේතුව ?
පළමුවෙන්ම මම කැමතියි අපේ ව්‍යාපාර අනාගතය පිටුවට ගොඩ වැදෙන දහස් සංක්‍යාත මහජන තාවට ස්තූතිවන්ත වෙන්න. ඔබ සියලු දෙනාගේ කියවීමේ කැමෑත්ත තමා අපිව මෙච්චර උඩට ගෙන ආවෙ. මේක ඇත්තටම වෙනස් කතාවක් . මම AENZ Global Consultants පටන් ගන්නකොට මට ඕනි උනා කොහේ හරි අපි මෙහෙම වැදගත් දෙයක් කරන්න යන්නෙ කියල පත්තරේකට හරි Website එකකට හරි දා ගන්න . මම ඒකෙ වැදගත් කම දැනන් හිටපු නිසා. නමුත් මගේ මිත්‍රයො පවා බොරුවට අපිව කඩේ යැව්ව. අලුතෙන් පටන් ගන්න ව්‍යාපාරයක් හින්ද තඹ සතේකට ගනන් ගත්තෙ නෑ. ඉතින් මම හිතුව blog එකක් කරල අපි කරන්න යන්නෙ අලුත් ව්‍යාපාරිකයන්ට අත දෙන ව්‍යාපාරයක් කියල blog එකක ලියල AENZ Global Consultants ගැන දාන්න .
එතකොට මුල් කාලෙ මොනවද දැම්මෙ ?
ඔව් මුල් කාලේ english වලින් තමා දැම්මෙ . ඒච්චර කට්ටිය කියෙව්වෙ නෑ. ඕනම නම් 50 දෙනෙක් විතර මගේ facebook පේජ් එකේ ඉන්න අය කියවන්න ඇති. ගොඩක් අපි ලිව්වෙ පොදු ව්‍යාපාර ගැටලු ගැන වගේම අපේ ව්‍යාපාරෙ වන AENZ Global Consultants ල කරන දේවල් ගැන විස්තර තමා.
එතකොට කොහොමද මේක එකපාරට ව්‍යාපාරික ප්‍රජාවගේ විත්ති යන පුවත් පතක් උනේ ?
ඒක වුනේ මෙහෙමයි . AENZ කියන්නෙ අන්තර්ජාතික ආයතනයක්. අපිට හිටිය Botswana වල පාරිභෝගිකයෙක්. එයාගෙ නම Dean . ඒයා අපිට එයාගෙ ව්‍යාපෘති වාර්තාවක මූල්‍ය විශ්ලේෂණය කරන්න දුන්න. Dean මහත්තයගේ ව්‍යපෘතිය Botswana වල රටට වැදගත් ඉතාම කාලීන ව්‍යාපෘතියක්. නමුත් ඔහුට අවශ්‍ය කරන ප්‍රසිද්දිය තිබුනේ නැහැ. මම ඒ වෙලාවෙ Dean ට කිව්ව මම අපෙ Business Tommorrow Blog එකේ ඔයාගෙ ව්‍යාපෘතිය ගැන ලිපියක් ලියන්නම් Intellectual Rights කැඩෙන්නෙ නැති වෙන්න කියල. Dean කිව්ව කමක් නෑ කියල. මේ සියල්ලට මට ACCA වගේ අන්තර්ජාතික වෘත්තීය සුදුසුකමක් තිබීම හේතුවක් උනා. ඇත්තටම Dean ට මම ලිව්ව ලිපිය Botswana වල Dean ගෙ මිතුරන් අතරෙ වගේම ඒ රටේ ආයෝජකයන් අතරෙ ගොඩක් Share උනා. ඕක තමයි පළමු ආරම්භය.
එතකොට කොහොමද මේක ලංකාවෙ නව්‍ය ව්‍යාපාරිකයන් ගැන කතා කරන්න ගත්තෙ ?
ඇත්තටම Dean ගෙ ලිපියත් එක්ක මට ගොඩක් දේවල් තේරුම් ගියා .
1. පොඩි මිනිහට උදව් කරන්න කවෘවත් නැති බව
2. පිට කෙනෙක් කියන දේ ලෝකෙ කොහේ මිනිස්සුත් ඇහුම්කන් දෙනව තමන්ගෙ එකෙක් කියන දේට වඩා.
2. පිට කෙනෙක් කියන දේ ලෝකෙ කොහේ මිනිස්සුත් ඇහුම්කන් දෙනව තමන්ගෙ එකෙක් කියන දේට වඩා.
මම ඔහොම ඉන්නකොට ජයාන් ගැන මට අහම්බෙන් අහන්න ලැබෙනව.ජයාන් මට එයාගෙ කතාව කිව්ව. මට හිතුනා මගේ සගරාව පිටරට මිනිස්සු ව්‍යවසායකයෙක් ගැන ලිව්වාම කියවයි නම් අපේ රටෙත් මිනිස්සු කියවයි කියල. ඒවගේම ගොඩක් තරුණ අයට Bill gates , Brandson කතා හරිම දුර වැඩියි , ලොකු වැඩියි. ඉතින් ජයන් වගේ කෙනෙක් පුංචි පිම්මක් පැනල තීන්නෙ ඒ පිම්ම අපේ ලංකාවෙ අයට ගොඩක් සමීපයි. ඒක නිසා මම ජයාන් ගැන ලියපු ලිපිය බොහෝ දෙනා කියෙව්ව. හැබැයි හෙලකුරු එකට ස්තූති වන්න මම ඒක ලිව්වෙ සිංහලෙන්.
ඉතින් මම බැලුව මම මේ නොදැනුවත්වම සපුරන්නෙ කාලීන අවශ්‍යතාවයක් නේද කියල. මට හිතුන පත්තරවල කතා නොකරන ජයාන් වගේ ප්‍රයෝගික චරිත තුලින් අපේ රටේ ව්‍යවසායකයෙක් වෙන්න ආස අයට ලොකු තල්ලුවක් දෙන්න පුලුවන් කියල. ඒ වගේම අපේ වැඩෙන් ඒ ව්‍යාපාරිකයට පිලිගැනීමක් සහ ආඩම්බරයක් ලැබෙනව. එම නිසා ඔවුන් තව තවත් දියුනුවෙයි කියල හිතුව . ඉතින් දැන් හෙමින් හෙමින් ඒක වේගෙන යනව
ගොඩක් විට අල්ලපු ගෙදර මනුස්සය එහා ගෙදර කෙනා ව්‍යවසායකයෙක් කියල දැන ගන්නෙ ව්‍යාපාර අනාගතය පිටුවෙන්. හොදම යාලුව පවා දැන ගන්නෙ ව්‍යාපාර අනාගතය පිටුවෙන්.
ගොඩක් විට අල්ලපු ගෙදර මනුස්සය එහා ගෙදර කෙනා ව්‍යවසායකයෙක් කියල දැන ගන්නෙ ව්‍යාපාර අනාගතය පිටුවෙන්. හොදම යාලුව පවා දැන ගන්නෙ ව්‍යාපාර අනාගතය පිටුවෙන්.
ඔබ හිතන්නෙ බොහො දෙනා ව්‍යාපාර අනාගතය කියවීමට හේතුව මොකද්ද?
අපි කියන දේවල් සරලව කෙටියෙන් කෙලින් කියනව වැඩිය ආටෝප නැතුව. හැම වචනයකම ගන්න දෙයක් හිටින විදියට ලියන්නෙ. ඒ වගේම ලිපි කියවන අයගේ ප්‍රතිචාර මත අපිත් වෙනස් වෙනව.
අනික facebook කියන එකේ විහිලු , නරක දේවල් විකාර දේශපාලන ප්‍රශ්න ඕප දූප තියෙනකන් අර මඩේ පිපුන නෙළුම් මලක් වගේ Business Tommorrow පිටුව බැබලෙනව. මගේ පිටුව බලල ඔක්කෝම අය හොද දේවල් ලියල facebook එක ජරාවෙන් තොර වෙච්ච දවසට Business Tommorrow පිටුව වහන්න වෙනව.
එදාට මම ඕක වැහුවත් අනිත් පත්තර පුවත් පත් ඔක්කොම නව ලාබාල තරුණ ව්‍යවසායකයන් ගැන ලියයි. හන්දියෙ කඩේ මල්ලි කඩේ ඕපන් කලාම ඒක ගැන ලියල එයාට ගැම්මක් වෙන්න හරගයක් ඇතිවෙයි. අපි හොද දේවල් කර්නව නලන් ඉදල මට කියන්න ආඩම්භරයි කේසර බණ්ඩාරගොඩ මල්ලි Ceylon Tech News කියල පිටුව්ක් පටන් ගත්ත. එයා ලගදිම Magazine එකක් online පටන් ගන්නව.
අනික facebook කියන එකේ විහිලු , නරක දේවල් විකාර දේශපාලන ප්‍රශ්න ඕප දූප තියෙනකන් අර මඩේ පිපුන නෙළුම් මලක් වගේ Business Tommorrow පිටුව බැබලෙනව. මගේ පිටුව බලල ඔක්කෝම අය හොද දේවල් ලියල facebook එක ජරාවෙන් තොර වෙච්ච දවසට Business Tommorrow පිටුව වහන්න වෙනව.
එදාට මම ඕක වැහුවත් අනිත් පත්තර පුවත් පත් ඔක්කොම නව ලාබාල තරුණ ව්‍යවසායකයන් ගැන ලියයි. හන්දියෙ කඩේ මල්ලි කඩේ ඕපන් කලාම ඒක ගැන ලියල එයාට ගැම්මක් වෙන්න හරගයක් ඇතිවෙයි. අපි හොද දේවල් කර්නව නලන් ඉදල මට කියන්න ආඩම්භරයි කේසර බණ්ඩාරගොඩ මල්ලි Ceylon Tech News කියල පිටුව්ක් පටන් ගත්ත. එයා ලගදිම Magazine එකක් online පටන් ගන්නව.
මොකද හිතෙන්නෙ මේ හැරවුම් ලක්ශය ගැන ?
AENZ විදියට මට සන්තෝසයි හොද දෙයක් කරල ආදායමක් උපයන ව්‍යාපාරයක් වීම ගැන. අපි ගැහුවෙ පළවෙනි වෙඩිල්ල අපි හරවන්න ඕන තැන හරවල තීන්නෙ. ඔබ දන්නා ඕනම ලාභ ලබන ව්‍යාපාරිකයෙක් ඉන්නව නම් අපිට කියන්න. අපි සූදානම් කරුණු සොයා බලා ඔහුගේ දක්ශතාවයත් ඔහු ආ ගමන් මගත් රටේ ජනතාවට පැහැදිලි කරල දෙන්න.
මොකද හිතෙන්නෙ පාඨක ප්‍රතිචාර ගැන ?
ඒක තමයි ලස්සනම කාරනය. අපේ පිටුව like ගණනින් මනින්න ටිකක් අමාරුයි. මොකද මගේ පාඨකය කියවල Like දානව වෙනුවට ගැඹූරු කල්පනාවකට යොමු වෙනව. සමහර වෙලවට තව කෙනෙක් ට බලන්න Share කරනව. ගොඩක් වෙලාවට අභ්‍යන්තර දත්ත වලින් තමයි කොච්චර අය කියවනවද කියල පෙනෙනෙන්නේ. මම හිතන්නෙ ඒක අලුත් සංස්කෘතියක් වෙයි. කියවල දෙයක් තේරුම් ගන්න පුලුවන් වෙන්න අපි මේක ලියන්නෙ. මොකද ලාබාල නංගිල මල්ලිල වගේම වැඩිහිටි , ජ්‍යේශ්ඨ පුරවැසි හැමෝම වගේ කියවන පිටුවක් නිසා. මම දන්නව මාව පෞද්ගලිකව ගොඩක් අය නොදැන සිටියත් මේක කියවන සියලු දෙනා අපේ ව්‍යාපාරයට සහ අපේ කණ්ඩායමට හිත ඇතුලෙන් ආදරය කරන බව. ඒ ශක්තිය අපි වැඩ කරද්දි අපිට හොදට දැනෙනව.
ඔබතුමා හිතනවද මෙ වෙබ් පිටුව තුලින් රටේ ව්‍යවසායකත්ව පිභිදීමක් වෙයි කියල ?
ඇත්තටම ඔව්. මගේ ආයතනයෙන්ම සතියට තුන් දෙනෙක් හතර දෙනෙක් අලුතෙන් ව්‍යාපාර පටන් ගන්නව. ඉතින් ගොඩක් අය අර පැත්තකට දාල තිබිච්ච හීනේ අපේ පිටුවෙ ව්‍යවසායකයන් කියන කතා දිහා බලල හැඩ කරගෙන නිහඩව ඉදිරියට යනව ඇති. මම ගොඩක් වැඩ කරන්නෙ තරුණ ව්‍යවසායකයන් එක්ක එයාලට මම ඉන්න එක හයියක් වගේම මටත් මේ මගේ ව්‍යවසායකත්ව පරම්පරාවක් ඉන්න එක හයියක්. ජීවිතේ කියන්නෙ කෙටි කාලීන දෙයක් ඒකෙ මම කරපු හොදම වැඩේ මේ පුංචි නිර්මානයයි. ගොඩක් වෙලාවට ලංකාවෙ අය කැමති තනියෙන් දියුනු වෙන්න. නමුත් ඇත්තම කතාව සමූහයක් විදියට විවිද ශේස්ත්‍ර වල ව්‍යාපාරිකයන් සමූහයක් විදියට එකට දියුණු වෙද්දි තෙබෙන ශක්තිය වෑඩියි. හැම තිස්සෙම තමන්ට ලැබෙන දේට වඩා ඔබ රටට ලෝකයට එකතු කරන වටිනාකම ගැන හිතන්න ඕන. එතකොට ඔබට ලැබෙන දේ නිකන්ම ලැබෙන්න පටන් ගන්නව. ගොඩක් වෙලාවට කට්ටිය අහනව ඇයි වෙබ් පිටුවක් නැත්තේ අරක මේක කෝ තාක්ෂණේ කියල. මට ඕනම දෙයක වැදගත් හරයයි. අපි දෙන්නෙ හොද දෙයක් නම් ඒක උස කන්දක් උඩ ගලක කොටල තියෙන එකක් උනත් හැමෝම ආවිත් කියවනව. ඉතින් මම ගොඩක් සංකීර්ණව හිතන්නෙ නෑහැ.
ඔබතුමා ගේ අවසාන පණිවිඩය කුමක්ද ?
මගේ අභියෝහය දවස ගානෙ මිනිස්සුන්ට ව්ස විස පොවා ජීවත්වන web gossip මාධ්‍ය වේදීන්ට. අද ඕප දූප කියන්න web රාශියක් මිනිස්සුන්ගෙ කාලෙ කනව . අපි අපේ Business Tommorrow වගේම හැම area එකකම මිනිස්සුන් දැනුමෙන් අත්දැකීම් වලින් පෝසත් කරන Web පරම්පරාවක් හදනව . ටික කලක් යද්දි ඔය කුණූ ගද ගස ගස තිබිල දිරාපත් වෙයි. ඉක්මනට Business Tommorrow වගේ වෙබ් පිටු වැසි වසයි. අන්න එදාට gossip පස්සෙ දුවන අය නැති වෙයි. හොදම දේ gossip මාධ්‍යවේදීන් නුත් හොද දේවල් පලවන පිටුවක් website එකක් ආරම්භ කරල තියා ගන්න. නරක දේවල් නොවිකෙන සමාජයක් ලගදීම එනව එදාට ඔයාගේ අර හොද පිටුව ඔබව ජීවත් කරවයි.
අපි ලෑස්තියි අභියෝගයට අභියෝගයක් වෙන්න .
මම දන්නෙ එක දෙයයි "හොද දේ කොහොමහරි උඩට එනව නරකදේ යට යනව "
පසන් මලින්ද කැටිපෙආරච්චි
Editors Line
ව්‍යාපාර අනාගතය
ව්‍යාපාර අනාගතය

Comments
Post a Comment