උසස් පෙලෙන් එහාට ජීවිතය 2009 ලංකාවේ පළවෙනිය පසන් සමග සාකච්චාව
![]() |
උසස්පෙළින් පසු ජීවිතය Business Tomorrow සගරාවේ අවසන් ලිපියද ? අපි ඇහුව AENZ International ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරි පසන් කැටිපේආරච්චි මහතාගෙන්.
ඔබ සියලු දෙනාම දන්නා පරිදි 2017 දෙසැම්බර් 27 වන දින උසස් පෙළ ප්‍රථිපල නිකුත් වුනා. බොහෝ අය ප්‍රතිපල ගැන කතා කරද්දි අනාගතය දකින ව්‍යාපාර අනාගතය පිටුව AENZ International ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ,එංගලන්තයේ වරළත් සහතික ලත් ගණකාදිකාරී ( ACCA) , එංගලන්තය වරළත් කළමනාකරන ගණකාදිකාරී ( ACMA) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණකාධිකරන උපාධි ධාරී , 2009 උසස් පෙල විභාගයෙන් එවකට වාණිජ අංශයේන් ශ්‍රී ලංකා ඉතිහාසයෙ වාර්තාගත Z අගය දිනා ගත් පසන් මලින්ද කැටිපෙආරච්චි මහතා සමග.
අපගේ මෙම සාකච්ඡාවෙ අරමුණ උසස්පෙලින් එහාට ජීවිතය පිළිබදව.
පසන් මහත්මයා මොකද හිතෙන්නෙ ලංකාවෙ උසස්පෙල ගැන?
ඇත්තටම මම පුද්ගලිකව උසස් පෙල ගැන උසස් පෙල ලිව්වට පස්සෙ අමතක කලා. ඉතින් සෑහෙන කාලෙකට පස්සෙ මේ කව්රුහරි මගෙන් උසස්පෙල ගැන අහන්නෙ. ලංකාවෙ තිබෙන තරගකාරීම විභාගය උසස්පෙල මම හිතන්නෙ. එයට හේතුව රජයේ විශ්වවිද්‍යාල පහසුකම් විශ්ව විද්‍යාල ප්‍රවේශයේ අවම මට්ටම පසුකරන සියලු දෙනාටම ලබාදිය නොහැකි වීම.
ඔබ තුමා උසස්පෙලින් පස්සෙ මොකද කලේ ?
ගොඩක් අය මාව හදුනන්නෙ උසස්පෙල නිසා නමුත් මම ඊට පසුව පෞද්ගලික වශයෙන් මට වැදගත් ජයග්‍රහන කිහිපයක් ලැබුව වයස 27 වන විට මම උපාධිප්‍රධාන 5කට ගොස් තිබෙනව. එය මට ලොකු භාග්‍යක්. එමෙන්ම රජයේ හා පෞද්ගලික විශ්වවිද්‍යාල වල භාහිර කථකාචාර වරයෙක් වශයෙන් මම කටයුතු කර තිබෙනව.
එමෙන්ම Business Tomorrow සහ AENZ International යනු මම සහ හරිදු එක්ව ගොඩ නගන ලද නිර්මාණ වෙනව .
හැබැයි මේ හැම දෙයක් ම කර ගන්න හැකි උන එක හේතුවක් තිබෙනව.
ඒ මොකද්ද් ඒ රහස ?
ගොඩක් අය තමන් ජයග්‍රහනයක් ලැබුවම උද්දාමයට පත් වෙවී ඉන්නව. නමුත් මම හුගක් වෙලාවට බැලුවෙ ඊලගට මම කරන්නෙ මොකද්ද කියල. මම සාමාන්‍ය පෙල ඉවර වෙලා එහෙම්මම උසස්පෙලට ලෑස්ති උනා එම නිසා එය ජය ගත්තා. නමුත් ඉන් පසුව මම CIMA සහ ACCA විභාග වලට ලෑස්ති උනා. මට මගේ ජයග්‍රහන සමර සමර ඉන්න වෙලාවක් තිබුනෙ නැහැ. මොකද ගාල්ලෙ ළමයෙක් සහ බොඩිම් ජීවිතයක් සමග උසස්පෙලින් පසුව මම වෙනමම අභියෝග රාශියකට මුහුණ දුන්නා .
මොනවද ඒ ඔබ මුහුණ දුන් අභියෝග ?
ඇත්තටම උසස්පෙල අවසන් වෙනකොට මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් පහල මට්ටමක තිබුනෙ. ඒ අතරෙ මට ACCA සහ CIMA කරන්න ශිෂ්‍යත්ව ලැබුන වෙලාවෙ මට ආපු අභියෝගය තමයි මම කොහොමද ඉංග්‍රීසි නොදැන එංගලන්තයේ විභාග ලියන්නෙ කියන එක. ගොඩක් වෙලාවට භාෂා ප්‍රශ්නය නිසා මට මතකයි එක පාරක් මම CIMA Entreprise Operations විශය ලකුණු දෙකකින් අසමත් උනා. ඒකට විශේෂ්යෙන්ම මම ACCA විශයන් 4ක් CIMA විශයන් තුනක් සහ උපාධියේ විශ්‍යන් 5ක් මාසයක් වැනි කාලයක් ඇහුලත මුහුණ දීමට වීම හේතුවක් උනා.
ඉතින් ඒ වේලාවෙ ගොඩක් අය හිතුවෙ මම වැටුන කියල. ඇත්තටම මම ටිකෙන් ටික දියුණු වෙච්ච කෙනෙක් මම ලංකාවෙ පලවෙනිය උනේ ටික ටික දියුණු වෙලා. ඉතින් මට ඒක එච්චර අරුමයක් උනේ නැහැ මොකද මම පුංචිකාලෙ ශිෂ්‍යත්වය අසමත් නිසා . මට ඒ වෙලාවෙ ගුරුවුරු දෙන්නෙක් හමුවුනා සුගිත් සර් සහ තරිදු සර් ඒ දෙන්න මගෙ භාෂා ප්‍රශ්නය හදා ගන්න උදව් වුනා . මම වයස් 24 වෙන්න කලින් ACCA සහ CIMAදෙකම අවසන් කලා. ගොඩක් අය විභාග තුනක් එකවර කරද්දි මට හිනා උනා ඒ වගේම එය ජයගත නොහැකි අභියෝගයක් කිව්ව. මම ඒ දෙවල් ගැන හිතල කාලය නාස්ති කරන්න ගියේ නැහැ .ඒ එක්කම වසර දෙකකට පෙර උපාධියත් ගත්ත. ඒ වගේම උපාධිය ගන්නා විට මට වසර දෙකහ මාරක වෘත්තීය පලපුර්ද්දකුත් තිබුනා.
මේ හැම මොහොතකදිම මම හිතුවෙ හෙට අලුත් දවසක් ඒ දවස මහන්සි වෙන්න ඕන කියන එක විතරයි.ඒ වගේම මම ගොඩක් පුද්ගල තරගකාරී අධ්‍යාපනයෙන් මම ඉවත් උනා. මම ගොඩක් බැලුවෙ මම යන මාර්ගයට අවශ්‍ය කරන දැනුම සහ කුසලතා වැඩි කර ගන්න. අනෙක් පැත්තෙන් ගොඩක් යාලුවො ඇති කර ගන්න උත්සාහ කලා ඒ මගින් මට විශ්වවිද්‍යාලය, ACCA සහ CIMA ආයතන පරිසරය තුල විශාල මිතුරන් සමූහයක් එකතු උනා. අදටත් මගේ ශක්තිය මගේ අධ්‍යාපනයටත් වඩා මගේ මිතුරන් ගොන්නයි.
මම උසස්පෙල කරනකම් ගොඩක් අඩු අවදානම් අරන් වැඩ කලේ නමුත් මම උසස්පෙලින් පසුව පර්යේෂනාත්මක අධ්‍යන වලට වැඩිපුර පෙළබුනා. එම නිසාම මට නව කුසලතා රාශියක් එක්කහු උනා කිව්වොත් නිවැරදියි. මට අත්දැකීම් පැත්තෙන් ගත්තත් මට විශාල විෂය පථයක් තුල කෙටිකාලයකින් අත්දැකීම් විශාල ප්‍රමානයක් ලැබුන. මගෙ පලපුරුද්ද ගත්තොත් අද වන විට ව්‍යවසායකත්වය, මෙහෙයුම්, අලෙවිකරන, මානව සම්පත් කළමනාකරණය, IFRS , ISA , ආයෝජන තිරණ , ව්‍යාපාර ව්‍යුහ ඉංජිනේරුකරණය, සාංගමික යහ පාලනය ,අභ්‍යන්තර විගනනය, බදු කරණය , මුල්‍ය විචාර, ආර්ථික විශ්ලේෂණය , උපදේශන සේවා , දේපල වෙළදාම් අංශ ගන්න පුළුවන්
ඒ සියල්ලෙ ප්‍රථිපළයක් විදියට Business Tomorrow සගරාව මට හදුන්වල දෙන්න පුලුවන්.
ඔබතුමා උසස්පෙල ඉතාම හොදින් සමත් වෙච්ච අයට කියන්න තිබෙන්නෙ කුමක්ද ?
ඔතනින් එහාට ඔය කරා වගේම වැඩ කොටසක් කරන්න තීනව කියන එක තේරුම් ගන්න නිකරුනේ කාලෙ නාස්ති කරන්න එපා. ඒ වගේම ගොඩක් අයට අමතක වෙනව මෙතනින් එහාට ජීවිතයක් තිබෙන බව. ඉතින් උසස්පෙල සමත් වුනාට පස්සෙ ඔබ හුදෙක් තවත් එක් මේ ලෝකයේ මිනිසෙකු පමණයි. ඒක ලංකවෙ පළවෙනියටයි අන්තිමයටයි දෙන්නටම පොදුයි.
අපි ඔක්කොම ඉපදෙන මැරෙන මිනිස්සු. ජීවිතේ කියනදේ සෑම තැනකම කඩයිම් තිබෙනව විශ්වවිද්‍යාල අධ්‍යාපනය හොදට කරන්න ඕනා. ඒ වගේම තමන්ගෙ පෞද්ගලික ජීවිතයට ආදරය , යහලුව්න් සහ නව මානයන් ගලා එනව උසස්පෙල අවසන් වීමත් සමග ඒ අවස්ථා වලට හොදට මුහුන දෙන එක වැදගත්. හැමතිස්සෙම කල්පනාව්වෙන් නැත්නම් focus එක ජීවිතේට තියා ගන්න ඕන. ලංකාවෙ ගොඩක් අය විශවවිද්‍යාලය ඇතුලට ඇවිත් පිස්සු නටනව. විශේෂයෙන්ම මම දැකල තිබෙනව ඉතා දක්ශ ගැහැනු ළමයි අනවශ්‍ය කලබලය තුල වැරදි දේවල් වලට යොමුවෙනව.
ගොඩක් වෙලාවට මම ඕනම තැනක Social Trend එකක කොටසක් නොවී සිටීම මම ඔය වගේ දේවල් වලට අසු නොවී සිටීමට හේතුවක් වුනා.
![]() |
| ව්‍යාපාර සදහා අලෙවිකරණය - ගාල්ල දිස්ත්‍රික්ක වාණීජ මණ්ඩලය |
ඔබ උසස් පෙල සාමාන්‍ය මට්ටමින් හෝ අසමත් වෙච්ච අයට මොකද කියන්න තීන්නෙ ?
මට එක වෙලාවකට හිතෙනව ඒ අය ඉතාම වාසනාවන්ත අය කියල . ගොඩක් අය අපි විශව විද්‍යාලයෙ යද්දි වයස 19න් රැකියාවකට ගියා අනෙක් අය තාක්ෂණ සහ හෝටල් පාසල් වල හොද පාථමාලා හදාරල එයාලගෙම දෙයක් පටන් ගත්ත. අනෙක් අය කොහොම හරි පිටරට රැකියා වලට පිටත් උනා.
ඇත්තටම ගත්තොත් අද වන විට විශ්ව විද්‍යාලයකට ගොස් උපාදිය අවසන් කර එන විට ගොඩක් මගේම යාලුවො උනත් ගොඩාක් ව්‍යාපාර වලින් ඉදිරියට ගිහින් හිටියෙ.නැත්නම් රැකියාවෙන් ඉදිරියට ගිහින් හිටියෙ.
මගේ AENZ International උපදේශන ආයතනයෙ මුල්ම පාරිභෝගිකයො උනේ අන්න ඒ අයයි.
ඉතින් ජීවිතේ කියන එකේ මට තෙරුන විදියට එක දෙයක් නැති වෙන කොට අපි හොදට කල්පනාවෙන් වැඩ කලොත් තවත් ගොඩාක් දේවල් ගොඩ නගා ගන්න පුලුවන් . හුගක් අය උසස්පෙලෙන් පසුව ජීවිතය තේරුම් ගන්නව . හොද දේ නරක දෙ සහ සමාජයෙන් එන පටු ගැරහුම් හමුවේ ශක්තිමත් වෙනව.
ලංකාවෙ සාමන්‍ය මිනිස්සු හිතන් ඉන්නෙ ජීවිතේ ජය ගන්න වෛද්‍ය වරයෙක් හෝ ඉංජිනේරුවෙක් විය යුතුයි කියන එක. ඉතින් ඒ මත ඉදල ඔබ එසේ නොවුනට කව්රුහරි ඔබට විහිලු තහලු කරනව නම් ඒ ඔහු හෝ ඇය ඔබගේ විශය පථය පිළිබද ඇති නොදැනීම් මිසක් ඔබේ අසාර්ථකත්වයක් නොවේ.
සරලව කිව්වොත් මගේ වෘත්තීය සුදුසුකම් සහ උපාධිය ගැන උනත් මගෙ පළාතෙ අය දැනුවත්කම් අඩුයි. ඉතින් ඔබ සියලු දෙනාම මුහුනදෙන ගැටලු මටත් තිබෙනව.
හැබැයි විශ්වවිද්‍යාලෙ ගියත් නැතත් ඔබට මිනිසකු ලෙස දියුණුවීමට උත්සාහය කැපවීම අවශ්‍යයි. ගොඩක් ලංකාවෙ ළමයින්ට විභාග සදහා කැපවෙන්න හිතෙනව අඩුයි( උපරිම දක්ශයන් හැර ) හැබැයි විභාගෙන් පස්සෙ සමීක්ශණයක් කරල බැලුවොත් ඒ ළමයි රැකියාවෙ නැත්නම් ව්‍යාපාරයක ඉතාම ඉහල ඵලදායීතාවයක් පෙන්නුම් කරනව. ගොඩක් වෙලාවට පාසල් ජීවිතය තුල තිබූ සමබර බව මෙයට හේතුවක් විය හැකියි.
මම හැමදාම කියන දෙයක් තමයි ඔබ අද පරදින්නෙ හෙට දිනන්න කියන කාරනය. ඉතින් ඔබ අද අන්ත විදියට පරදින්නෙ ඔබ ඉතා ඉහලින් දිනීමට විය හැකියි.
ඇයි ඔබ ව්‍යාපාර පැත්තට නැඹුරු උනේ?
උපදේශන සේවයේ ශ්‍රී ලංකාව අත නොගසන ලද විශාල හිඩසක් දැක්ක වසර ගණනාවක් පර්යේෂන කලා ඒකෙ ප්‍රතිපලය විදියට AENZ සහ Business Tomorrow බිහි වුනා.
මෙම සංවාදය Business Tomorrow සගරාවෙ අවසන් ලිපිය කියන්නෙ ඇත්තද ?
ඔව්. Business Tomorrow සගරාවෙ විද්‍යුත් ප්‍රකාශනයෙ සිංහල භාෂාවෙන් පළවන අවසන් සම්මුඛ සාකච්ක්ජාව මෙයයි.
![]() |
| 21 වන සියවසේ ව්‍යවසායකයන් මුහුණපාන අභියෝග විග්‍රහය- NSBM Green Campus |
ඇයි Business Tomorrow එක වහන්න හිතුවෙ ?
Business Tomorrow එක වහන්නෙ නැහැ . Busienss Tomorrow සගරාව ඔබ දන්නා පරිදි සිංහල ඉංග්‍රීසි ලිපි මිශ්‍ර සගරාවක් ලෙස තමයි වැඩ කලේ. මෙම සගරාව රටවල් 45කට වඩා රටවල ජනතාව කියවනව google translate භාවිතා කර. මේක අද වෙනකන් වෙබ් අඩවියක් නොවී 100,000 කට අධික පිරිස මෙම සගරාව කියවා තිබෙනව.
ඕනම ව්‍යාපාරයක් අවශ්‍ය අවස්ථාවේදි පාරිභෝගිකයන්ගේ ඉල්ලුමට ඇහුම්කන්දිය යුතුයි. සිංහල පාථකයන් බොහො දෙනා මුද්‍රිත සගරාවක් අපගෙන් ඉල්ලුම් කලා ඔවුන්ට ඇත්තටම අපේ සගරාව අනාගත දූ දරුවන්ට ලබා දීමට ළග තබා ගතයුතු බව තමයි ප්‍රකාශ කලේ. ඉතින් ඒ අනුව අපි BT සිංහල සගරාව මෙම ලිපියෙන් web ප්‍රකාශනය අවසන් වෙනව.
Bsusiness Tomorrow English සගරාව Business Tomorrow Online බවට පත්වෙනව ලංකාවෙ පළමු ව්‍යාපර සදාහා අන්තර්ජාතික සගරාව විදියට. ඔබට නොබෝ දිනකින් www.businesstomorrowonline.com තුලින් ඉංග්‍රීසි ලිපි සදහා පිවිසිය හැක.එම සගරාව තව දුරටත් ලංකාවට සීමාවු සගරාවක් නොවෙයි . විවිධ රටවල වෘත්තිකයන් අප සමග සම්බන්ධ වෙලා ඒ ඒ රටේ ආර්ථික , ව්‍යාපාර ,පාරිසරික සහ සමාජීය තොරතුරු බෙදා ගනු ලබන ඒ වගේම ජාත්‍යන්තර පිලිගැනීමක් ඇති වෘතිකයන් ලිපි පල කරන ගෝලීය සගරාවක් විදියට කටයුතු කරනු ඇත.
එමෙන්ම සිංහල සගරාව සම්පූර්ණ ප්‍රකාශණයක් විදියට මාසික සගරාවක් ලෙස ජනවාරි මස සිට එලි දැක්වෙනු ඇත. සැමට දැරිය හැකි මුදලකට අප එය ලබාදීමට බලාපොරොත්තු වෙනව. වෙබ් මගින් බැලූ සගරාවට වඩා ඉතා පුළුල් පරාසයක අපගේ සගරාව කුඩා තරුණ මහලු ඔනෑම් අයෙකුට ඉතා වටිනා ආකාරයකට පිලියෙල කර ඇත.
Business Tomorrow සිංහල සගරාවෙ අරමුණු දෙකක් ඇත . ආර්ථිකයෙ විමධ්‍යගත දියුණුවක් ලැබීම සහ උපාධියක් කිරීමට මූල්‍ය පහසුකම් නොමැති අයට නිවසේ සිට විශ්වවිද්‍යාල උපාදියක දැනුම ලබා දීම.
Business Tomorrow Online සගරාවෙ අරමුණ කුමක්ද ?
අපගේ අරමුණ Fortune සහ Economist සගරා පරදවා ලෝකයේ අංක එකේ සගරාව වීම. ගොඩක් අය අප අද ඉන්න මට්ටම එක්ක අපි යන්න හිතන මට්ටම දැක්කාම හිනා වෙයි. නමුත් අපි දන්නව ලෝකයේ ඕනෑම රටක මිනිසුන් අතරට යන්න. ඒ මිනිස්සු අපේ සගරාවට ආදරේ කරනව නම් අපේ සගරාව ගොඩ නැගෙනව එච්චරයි.
මේ අතරතුරෙ සගරාව හරහා අපේ බලාපොරොත්තුව අපේ ඕනෑම තලයක ව්‍යාපාරිකයෙක් ලෝකයට හදුනවා දීමයි.
අපේ සගරාවෙ ගුණාත්මක තත්වය අතින් ඉහල වන්නෙ සගරාවෙ ලිපි ලියන ගොඩක් අය උගත් බුද්ධිමත් වෘතිකයන් වීමයි. ලංකාවෙ ඉතින් ගොඩක් මාධ්‍ය ඒ දක්ශයො වයසට ගිහින් CEO ල වෙනකන් ලිපි ලියන්න දෙන්නෙ නැහැ. නමුත් මම දන්නව ලංකාවෙ තරුණ උගත් වෘත්තිකයනගෙ හැකියාව ඉහලයි කියන එක. දක්ශයාට හරි තැන දුන්නාම ඕනම දෙයක් ඉහලට එනව.
Business Tomorrow පාඨකයාට ඔබේ අවසන් පණිවුඩය කුමක්ද ?
අවසාන වශයෙන් කීමට ඇත්තෙ අප කෙරෙහි විශ්වාසය තබන්න. අපි ඔබට ජීවිත ජය ගන්න මාවත පෙන්වීමට සුදානම්.






Comments
Post a Comment