කොටස් වෙළෙදපොල යනු සුදුවක්ද? විද්‍යාවක්ද?
AENZ International ආයතනයෙන් කොටස් වෙළෙදපොල ආයෝජනය සම්බන්දයෙන් පැවැත්වෙන විශේෂ සම්මන්ත්‍රණය ඔක්තෝබර් මස 29 වන උදැසන 09.00 සිට ගාල්ල දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩල (Chamber of Commerce) සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. මේම සම්මන්ත්‍රණය පිලිබදව විස්තර සාකච්ජා කිරීමට අපි සම්බන්ධ කරගත්තා එම ආයතනයේ Chief Marketing Officer ලෙස කටයුතු කරන හරිදු දන්තනාරායන මහත්මා.
ඔබතුමන්ලා 29 වන ඉරිදා ගාල්ල Chamber of Commerce සම්මන්ත්‍රණ ශාලාවේදී පැවත්වීමට නියමිත කොටස් වෙළදපොල ආයෝජනය පිලිබද වැඩමුලුවේ අරමුනු මොනවාද ?
ඔව් අපේ අරමුණ කොටස් වෙළදපොලේ ඉන්න ව්‍යාපාරික හා ව්‍යාපාරික නොවන ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රජාව කොටස් වෙළදපොල කටයුතු පිළිබද දැනුවත් කිරීමයි.
ඇත්තටම කොටස් වෙළදපොලේ ආයෝජනය කරන්න හැමෝටම පුලුවන්ද ? මොනවද තියෙන සීමාවන් ? සල්ලි ගොඩාක් අතේ තියෙන්න ඕන ද ?
ලංකාවෙ ඕනම කෙනෙක්ට මෙහි ආයෝජනය කරන්න පුළුවන්. ඒවගේම විදේශීය ආයෝජකයොත් කොටස් වෙළදපොලේ ඉන්නවා. ඒවගේම ඉතා සුලු මුදලකින් උනත් පටන් ගන්න පුලුවන්. ගොඩක් මුදල් තියෙන්න ඕන නැහැ.
කොටස් වෙළදපොල ආයෝජනය කියන්නේ සූදුවක්ද ? විද්‍යාවක්ද ?
නොදන්න අයට ඒක සූදුවක් ගේ පේනවා. නමුත් රටේ ආර්ථිකයෙ මර්මස්ථායක් තමයි කොටස් වෙළදපොල කියන්නෙ. හරියට ඉගෙන ගත්තොත් දිගුකාලීන ප්‍රතිලාභ තීනවා.
තැරව්කරුවන් සිදුකරන කාර්‍යභාරය මොකක්ද ?
තැරැව්කාරුවන් යනු දිවිතීයික වෙළදපොලක් වන කොටස් වෙළදපොලෙ ගණුදෙනුවල අතරමැදි ආයතන. එයාලගෙ කාර්‍යභාරය වගේම ගොඩක් විස්තර අපගේ 29 වන දින තිබෙන සම්මන්ත්‍රනය මගින් ගාල්ල දිස්ත්‍රික්කයෙ ප්‍රජාවට අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.
කොටස් වෙළදපොල ආයෝජනයට සමාගමක් තෝරා ගැනීමේදී සැලකිලිමත්විය යුතු කරුනු මොනවාද ?
කොටස් කියල කියන්නෙ ව්‍යාපාරයක හිමිකමේ එක් ආංශු මාත්‍රයක්. ඉතින් ඔබ ඇත්තටම ගත්තොත් තීරණයක් ගන්නෙ ඔබ කුමන පොදු සමාගමේ අයිතිය ලබා ගන්නවද කියන එක. ඉතින් ඇත්තටම ඔබ ව්‍යාපාරිකයෙක් වෙනවා වගේම දෙයක් තමයි මෙහිදී වෙන්නෙ.
එකම වෙනස සමාගමක ව්‍යාපාර කටයුතු මෙහෙයවන්න අධ්‍යක්ෂක මණ්ඩලයක් ඉන්නවා. ඉතින් ව්‍යාපාරයක වටිනාකමට බලපාන විශාල ආර්ථික, දේශපාලනික වගේම ව්‍යාපාරයේ මෙහෙයුම් කරයුතු වලට සම්බන්ද සාධක රාශියක් තිබෙනවා. ඒ සියලුම සාධක විශ්ලේෂණය කරලා තමයි ආයෝජනයට සමාගමක් තෝරාගන්න ඕන.
ඒ විශ්ලේෂණය කරන ආකාරය ආදී සියලුම දේවල් අපි මේ සම්මන්ත්‍රණයෙන් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා.
කොටස් වෙලෙදපොලේ මුදල් ආයෝජනය කරාට පස්සේ ඒ ආයෝජකයා මොනවද කරන්න ඕන ?
ඇත්තටම ගොඩක් වෙලාවට සාමන්‍යයෙන් අපේ ලංකාවෙ අය ඉහල යනව පහල යනව බලන් ඉන්න එක තමයි කරන්නෙ. එතනින් එහාට Financial Analysis මුකුත්ම කෙරෙන්නෙ නැහැ.
හැබැයි ඕනෑම කෙනෙක්ට පුළුවන් පොඩ්ඩක් මහන්සි උනොත් මේ දේවල් විශ්ලේෂණය කරන ආකාරය ගැන ඉගෙන ගන්න. එතකොට ඒ අයට පුළුවන් ඒ විශ්ලේෂණ වලින් ගොඩක් දුරට නිවැරදි විදියට කොටස් මිල ඉහල හෝ පහල යාම ගැන අනාවැකි කියන්න. ඒ අනුව ආයෝජන තීරණ වලට එළඹෙන්න.
ඔන්න ඕක තමයි අපි එදාට විශේෂයෙන්ම කියල දෙන්න අදහස් කරගෙන ඉන්නේ.
ඔබතුමන්ලාගේ වැඩමුලුව ගැන විස්තර ටිකක් ප්‍රකාශ කරොත් ?
කොටස් වෙළදපොල ආයෝජන වැඩමුලුව තිබෙන්නෙ ඔක්තෝම්බර් 29 උදේ 9.30ට ගාල්ල වාණිජ මණ්ඩලය (Chamber of Commerce) ශ්‍රවණාගාරයේදී.මේ සදහා ප්‍රවේශපත්‍රයක් රුපියල් දහසක් (1000.00) වන අතර එදින දොරටුවෙන් ප්‍රවේශපත්‍ර මිලදී ගන්න පුළුවන්.
Business Tomorrow
Related Blogs - AENZ International
E mail us - Business Tomorrow
Follow us in FB - Business Tomorrow | AENZ International | The Lost Youth|


Comments
Post a Comment