සාධාරන සැකයකින් තොරව මූල්‍ය අපරාද ලෙහෙසියෙන් ඔප්පු කල නොහැක්කෙ ඇයි ? - මුරුසියේ විශේෂ මූල්‍ය අපරාධ විමර්ෂක ඩෑන් සුර්ෆස් මහතා සමග Business Tomorrow කල සාකච්ජාවක්.
මූල්‍ය අපරාධ හා මුදල් විශුද්ධිකරණය පිළිබඳ ක්‍රියා පටිපාටිය Business Tomorrow සගරාව සමග බෙදා ගැනීමට මුරුසි රාජ්‍යයේ Den Surfraz මහතා එක්වුනා. එතුමා ACCA ගෝලීය කවුන්සිලයේ අපේක්ෂකයෙක් ද වෙනවා.
Den Surfraz මහතා, ඔබගේ පසුබිම ගැන අපට පැහැදිලි කර දෙන්නේ කෙසේද?
ඔව් මම එංගලන්තයේ වරලත් සහතික කළ ගණකාධිකාරී සංගමයේ (ACCA) සහ සහතික කළ වංචනික පරීක්ෂක (CFE) සංගමයේ සාමාජිකයෙක්මි. සහතිකලත් මුදල් විශුද්ධි කිරීමේ විශේෂඥයන්ගේ (ACAMS) සම්මේලනයේ අනුකූලතා සහතිකයක් ද මොරිශස් විශ්ව විද්‍යාලයේ පොලිස් අධ්‍යයන ඩිප්ලෝමාධාරියෙකු වේ.
2013/2014 කාල පරිච්ජේදය සඳහා ACCA Mauritious Network Panel හි මම උපසභාපති ලෙස කටයුතු කලා. මම විවිධ උප කමිටු වල සේවය කර ඇති අතර, අඛණ්ඩව වසර දෙකක් (2014 සහ 2015) සඳහා ආයතනික සමාජ වගකීම් අනුකාරක සභාවන්හි සභාපතිත්වය දරණ ලදී. මුරුසි වෘත්තීය ගණකාධිකාරී ආයතනය (MIPA) හි දෙවන වන උප සභාපතිවරයා ලෙසද, අනුකුලතාව සහ ආචාර ධර්ම පිළිබඳ උප කමිටුවේද(2014/15) මම සාමාජිකයෙකි.
මූල්‍ය අපරාධ යනු කුමක්ද?
පසුගිය වසර 30 පුරා මූල්‍ය අපරාධ ලෝකය පුරාම රජයන්හී වැඩි අවධානයක් යොමු වී ඇත. මූල්‍යමය අපරාධවල බලපෑම එකිනෙකට වෙනස් සන්දර්භයන් හේතුකොටගෙන පැන නැගුනි. බොහෝ සමාජයන්හි ආර්ථික ප්‍රතිලාභ අපේක්ශාවෙන් කෙරෙන අපරාධවල ව්‍යාප්තිය ආර්ථිකයේ වර්ධනයට හා ඔවුන්ගේ ස්ථාවරත්වයට සැලකිය යුතු තර්ජනයක් බව වර්තමානයේ පුළුල් වශයෙන් පිළිගෙන තිබේ.
මූල්‍යමය අපරාධ බෙහෙවින් වෙනස් වූ නමුත්, සමීපව සම්බන්ධ වූ ආකාරයේ හැසිරීම් දෙකකට බෙදිය හැකි ය.
මූල්‍යමය අපරාධ බෙහෙවින් වෙනස් වූ නමුත්, සමීපව සම්බන්ධ වූ ආකාරයේ හැසිරීම් දෙකකට බෙදිය හැකි ය.
පළමුවෙන්ම බලමු වංචනිකව මුදල් උපයන ක්‍රියාකාරකම් මොනවද කියලා. නිදසුනක් වශයෙන්, අහ්‍යන්තර තොරතුරු සොරකම් කිරීම හෝ වෙනත් පුද්ගලයෙකුගේ දේපල අල්ලා ගැනීමෙන් ද්‍රව්‍යමය ප්‍රතිලාභ ලබා ගැනීම හෝ වෙනත් පුද්ගලයෙකු වෙනුවෙන් සොරකම් කිරීම දැක්විය හැක.
දෙවනුව, ප්‍රතිලාභ නොලබන වංචා ගනයට වැටෙන මූල්‍ය අපරාධ ද තිබේ. ඒවා දැනටමත් ලබාගෙන ඇති ප්‍රතිලාභ හෝ එවැනි ප්‍රතිලාභයක් සඳහා පහසුකම් සැලසීම වියහැක. එවැනි හැසිරීම පිළිබඳ නිදසුනක් නම්, නීතියෙ රැහැනට අසු නොවෙන ආකාරයට වංචනිකව ඉපයූ මුදල් විශුද්ධිකරණට ලක් කිරීම (Money Laundering) දැකිය හැක.
පහත සදහන් අංශ මූල් අපරාධ සිදු කරන අය අතර ප්‍රධාන වේ.
- ත්‍රස්තවාදී සංවිධාන ඇතුලු සංවිධානාත්මක අපරාධකරුවන් සිය මෙහෙයුම් සඳහා අරමුදල් සම්පාදනය කිරීම සඳහා විශාල පරිමාණ වංචා සිදු කරනු ලබයි.
- දූෂිත රාජ්‍ය ප්‍රධානීන් ඔවුන්ගේ (බොහෝ විට දුප්පත්) රටවල්වල භාණ්ඩාගාරය කොල්ලකෑමට ඔවුන්ගේ තත්වය හා බලතල පාවිච්චි කළ හැකිය.
- සමාගමේ නියම මූල්‍ය තත්ත්වය වැරදියට පෙන්වීමට සඳහා ව්‍යාපාරික නායකයින් හෝ ජේෂ්ඨ විධායකයින් මූල්‍ය තත්වය වෙනස් කිරීම හෝ වැරදි ලෙස අර්ථකථනය කිරීම සිදුකරයි.
- ජ්‍යෙෂ්ඨතම නිළදාරියාගෙ සිට කණිෂ්ඨම නිළධාරියා දක්වා මුල්‍ය වංචා සිදුකල හැක.
- සමාගමෙන් පිටතදී, පාරිභෝගිකයා, සැපයුම්කරු, කොන්ත්‍රාත්කරු හෝ සංවිධානයට කිසිදු සම්බන්ධයක් නොමැති පුද්ගලයෙකු විසින් ද මූල්‍ය වංචා සිදු කළ හැකිය.
- බාහිරන් එන වංචාකාරයන් වැඩිවෙමින් පවතින අතර වඩා විශාල හා වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා සේවකයෙකු සමඟ එකතුවී කටයුතු කරනු දැකිය හැක.
- අන්තිමේ දී, ඔවුන්ගේ මුදල් සම්භාරය භාවිතාකල කළ අය තනි සාපරාධී, අනුක්රමික හෝ අවස්ථාවාදී වංචාකරුවෝ වනු ඇත.
පහත දැක්වෙන වැරදි ආවරණය වන වැරදි මූල්‍ය අපරාධයන් වේ
- වංචාව
- ඉලෙක්ට්රොනික අපරාධය
- මුදල් විශුද්ධිකරණයය
- ත්රස්තවාදීන්ගේ මුදල්
- අල්ලස් හා දූෂණය
- වෙළඳපොළ අපහරණය හා අභ්‍යන්තර ගනුදෙනු කිරීම
- තොරතුරු ආරක්ෂාව සම්භන්ධ වංචා
සාමාන්‍ය හොරකම් හා මූල්‍ය අපරාධ අතර වෙනස කුමක්ද?
මූල්‍ය අපරාධවලට සාපේක්ෂව, සාමාන්‍ය සොරකම වන්නේ වෙනත් අයෙකුගේ භාණ්ඩ / භාණ්ඩ අයථා ලෙස පරිහරණය කිරීමයි. මෙම අපරාධය සිදු කළ ස්ථානය ඕනෑම තැනක විය හැකිය. කෙසේ වෙතත්, මූල්‍ය පද්ධතිය හරහා සොරකමෙන් ලැබෙන මුදල් සුදු සල්ලි කරන්නේ නම්, එය මූල්‍ය අපරාධයේ වර්ගීකරණයට යටත්වන මුදල් විශුද්ධිකරණයක් වනු ඇත.
සාධාරණ සැකයකින් තොරව මූල්‍ය අපරාධ ඔප්පු කිරීමට අපහසු ඇයි?
මෑතම ගණකාධිකාරී වංචා දූෂණ පිළිබඳව Tesco ආයතනය සම්බන්ධ වූ අතර මෙම බහුජාතික සමාගම, 2014 සිය ගිණුම්කරණ සඳහා නඩු පවරූ පාර්ශවයට GBP 100Mn විශාල දඩ මුදලක් ගෙවීමට සිදුවිය.සාමාන්‍යයෙන් මූල්‍ය වංචා කිරීමෙන් විශාල දඩ මුදල් ගෙවීමට සිදුවන අවස්ථා බහුලයි. (HSBC, ඩොයිෂ් බැංකුව, මෙවැනි අවස්ථා වලට මුහුණ දී ඇත). සාක්ෂි ලබා නොගෙන නිසි ලෙස කටයුතු කර නැත්නම් සහ සාධාරණ හේතු පදනම් නැතිනම් මූල්‍ය අපරාධ ඔප්පු කිරීම අසීරු ය. නඩු පැවරීම සඳහා අපරාධ නඩු විධාන 15 ක් සඳහා නඩු පවරනු ලැබූ Network Associates (2010) හි හිටපු ප්‍රධාන මූල්‍ය නිලධාරි ප්‍රභාත් ගෝයල් එරෙහි නඩු මේ සඳහා හොඳ නිදසුනක්.
මූල්‍ය අපරාධ විසඳීමේ මූලික පියවර මොනවාද?
මූල්‍ය අපරාධ වරදක් විසඳීම / විමර්ශනය කිරීමේ මූලික පියවර වන්නේ:
- පැවරුම / විමර්ශනය සැලසුම් කිරීම - නීතිපතිවරයා, ලේඛන සංචිතය හා ඉල්ලීම් සමඟ මූලික රැස්වීම; ලේඛන ගබඩා කිරීම සහ විභාග සැලැස්ම සැකසීම.
- පසුබිම් විමර්ශන පැවැත්වීම - පොදු වත්කම් සැඟවීමේ ක්‍රමවේද බැලීම, තොරතුරු මූලාශ්‍ර මහජන වාර්තා.
- අදාළ ලේඛන පරීක්ෂා කිරීම - මූල්‍ය ප්‍රකාකාශන, බැංකු වාර්තා සහ ආදායම් බදු ගණනය කිරීම්.
- සම්මුඛ පරීක්ෂණ සාක්ෂිකරුවන්, තොරතුරු මූලාශ්‍ර සහ විෂයය.
- කරුණු විශ්ලේෂණය කිරීම.
- සොයාගැනීම් වාර්තාව සකස් කිරීම
ඩෑන් මහතා මුදල් විශුද්ධිකරණය පිළිබඳ වාර්තා කිරීමේ නිලධාරියා වශයෙන් ඔබ වසර ගණනාවක අත්දැකීම් ලබා ඇත.ඔබගේ රැකියාව කෙතරම් අභියෝගාත්මකද ?
වෘත්තීමය වශයෙන්, මම Barak Fund Management හි Senior Compliance Manager ලෙස කටයුතු කරන අතර එම Fund Management ආයතනය යටතේ මුරුසිය , දකුණු අප්‍රිකාව, ලන්ඩන් සහ කේමන් දූපත් හි කාර්යාල ඇත. Barak Fund Management එකට බැඳීමට පෙර, මම ජාත්යන්තර මූල්‍ය ආයතනයක KYC (ඔබේ ගනුදෙනුකරු හදුනාගැනීම / AML (මුදල් විශුද්ධිකරණයට එරෙහි) සහ මෙහෙයුම් පාළණ කළමනාකරු ලෙස Citco Corperate & Trust International ආයතනයේ කටයුතු කරා.
අවුරුදු තුනකට වඩා වැඩි කාලයක් මුරුසියෙහි මූල්‍ය බුද්ධි ඒකකය සමග විමර්ශකයෙකු ලෙස සේවය කර ඇති අතර වසර 10 කට වැඩි කාලයක් මත් ද්‍රව්‍ය නිවාරන ඒකකයේ පොලිස් නිලධාරියෙකු ලෙස කටයුතු කර තිබෙනව.
ඩෑන් මහතා ඔබ ACCA Global Council හි සාමාජිකයෙකු ලෙස තේරී පත් වුවහොත්, මුදල් විශුද්ධිකරණය පිළිබඳ වාර්තා කිරීමේ ක්රියාපටිපාටිය සහ මූල්ය අපරාධ සම්බන්ධයෙන් සටන වැඩි දියුණු කිරීම සඳහා ඔබේ සැලසුම කුමක්ද?
මා තෝරා පත්කරනු ලබන්නේ නම්, යහපාලනය, විමර්ශන, අවදානම් කළමනාකරණය සහ අනුකූලත්වය පිළිබඳ මගේ අත්දැකීම් ACCA වෙත ගෙන එනු ඇත. ACCA හි සාමාජිකයන්ගේ හැසිරීම නියාමනය කිරීම සඳහා නිසි රාමු සකස් කර ඇති බවට වගබලා ගැනීම, ඔවුන්ගේ අවංකභාවය, අවංකත්වය හා ඔවුන්ගේ රාජකාරි හා ගනුදෙනු සම්බන්ධයෙන් සෑම විටම විනිවිද භාවයෙන් කටයුතු කිරීමට මම වග බලා ගනිමි.
සංවාදය මෙහයවීම
පසන් මලින්ද කැටිපෙආරච්ච්
CEO
AENZ International
Business Tomorrow Global
පසන් මලින්ද කැටිපෙආරච්ච්
CEO
AENZ International
Business Tomorrow Global
If you haven't vote for ACCA Global Council Elections Please Click - Vote
Related Blogs - AENZ International
E mail us - Business Tomorrow
Follow us in FB - Business Tomorrow | AENZ International | The Lost Youth|


Comments
Post a Comment