මගේ යාලුවො ඉස්සර වගේම මගෙන් අදත් අහන්නෙ " උබට ඕක පුලුවන්ද කියල "
අපි අද ව්‍යාපාරික අනාගතයේ කතාකරන්න යන්නෙ අලුත් ව්‍යාපාරිකයෙක් ගැන ඒයාගෙ නම ජයාන් ගොඩකන්ද .
ජයාන් අපිට කියන්න ඔයාගෙ විස්තර ටිකක් ?
මම ජයාන් ගොඩකන්ද මම කරන බිස්නස් එකේ නම Jayan Marketing
ජයාන් මොකද ඔයාට ව්‍යාපාරයක් කරන්න හිතුනේ ?
මගේ අම්මයි තාතතයි දෙන්නම රාජ්‍ය සේවකයො එයාල මමයි මගේ සහෝදරයොයි වෙනුවෙන් සෑහෙන මහන්සි වෙලා වැඩ කලා. නමුත් එදිනෙදා විය පැහැදම් ටික කරාට පස්සෙ ඒයාලගෙ සතුට වෙනුවෙන් ඉතුරු උනේ සුලූ මුදලක් හැම තිස්සෙම.
හැබැයි අපේ මාමා ඊට වඩා සෑහෙන වෙනස්. එයා බිස්නස් කරන කෙනෙක්.එයාට මම පුංචි කාලෙ පුස් බයිසිකලයක් තිබුනෙ එයා දිනෙන් දින දියුනු වෙනව මම දැක්ක.
උපතින් ගොඩක් දේ නොතිබුනත් ලෝකය ජය ගත්ත චරිත මම අහල තිබ්බ. හැබැයි මම වයසින් වැඩෙද්දි මම ඒක මගේ ඇස් දෙකෙන්ම දැක්ක. කෙනෙක් හැමදාම මහන්සි වෙද්දී අනිත් කෙනා ලස්ස්න ජීවිත ගතකරන්නෙ කොහොමද දැක්ක. ඒ ලස්සන ජීවිත බොහොමයක් තමන්ව විශ්වාස කරල කරපු කැපකිරීම් මත වෙච්ච දේවල් කියල දැක්ක.
හැමෝම හිතන විදිය ලේසියි හැබැයි අනාගත පැවැත්මක් හැදෙන්න නම් ටිකක් වෙනස් වෙන්න ඕන කියල හිතුන. ඇස් ඉදිරිපිට වෙනස්වෙලා ජයගත්තු මිනිස්සු ඉදපු නිසා බය හිතුනෙ නෑ.
හැබැයි පටන් ගැන්ම නම් එච්චර ලේසි උනේ නෑ.
හොදයි මොනවද ඔයාට පටන් ගැන්මෙදි ආපු අභියෝග ?
මුල ඉදන්ම මට තිබ්බ ප්‍රශ්නෙ තමා කොතනින්ද පටන් ගන්නෙ කියන එක. මන් මගේ හදවතට කතා කරල ඒ ප්‍රශ්නෙ ඇහුව. මම මගේම කියල හීනයක් හදා ගත්ත. ඒ හීනෙට යන්න නම් මම සතු කුසලතාව ඒ කියන්නෙ නොබියව සන්නිවේදනය කිරීමේ හැකියාව වැඩිදියුනු කරන්න ඕන කියල තීරනය කලා.
අතේ ලොකු ආයෝජනේකට මුදල් නොතිබුනු නිසා රැකියාවක් කරල කියක් හරි ඉතුරු කරන් ව්‍යාපාරයකට යන්න හිතුවත් හොද ගානක් එකතු කර ගන්න පුලුවන් රැකියාවකට යන්න ලේසි උනේ නෑ.
ඒක නිසා මම අලෙවිකරන පාථමාලවක් කලා. ඊට පස්සෙ මාස 3ක් මම පුහුනුව ලැබුව. හැබැයි මේ හැම දේම කලේ මගේ හීනෙ වෙනුවෙන් මිසක් හැමදාම ජොබ් එකක් කරන්න හිතන් නෙවෙයි.ඉන්පස්සෙ ලංකාවෙ ප්‍රදාන අයෝජන කලමනාකරන ආයතනයක මට වැඩ කරන්න ලැබුන. ඒකෙන් හොද ආදායමක් ලැබුන වගේම ලංකාවෙ ගොඩක් සාර්තක මිනිස්සු අතරට යන්න ලැබුන ඒවගේම ඒයල ගැන ඉගෙන ගන්න මාර්ගයක් ඒකෙන් විවර උනා.
ගොඩක් ලොකු නොවුනත් මට යම් මුදලක් අවුරුද්දක් යද්දි එකතුකර ගන්න පුලුවන් උනා. ඊටත් වඩා වටින අත්දැකීම් ගොඩක් මට එකතු උනා. මම කණිෂ්ඨ ආයෝජන උපදේශකයෙක් විදියට අනාගතේ බොහොම සීරුවෙන් ආයෝජනය කලයුතු බව ඉගෙන ගත්තා.
ඉන්පස්සෙ මට හිතුන තවත් පහු කරන්නෙ නැතිව මගේ නමින්ම බිස්නස් එකක් පටන් ගන්න. ඒකෙ නම මම කලින් කිව්ව වගේ Jayan Marketing .
.
මම මුලින්ම කලේ මම අර ගොඩනගාගත්තු සම්බන්දතා හරහා පොඩියට ව්‍යාපාරෙ ආරම්භ කරපු එක. අලෙවිකරනය කියන්නෙ ලොකු industry එකක් නිසා මම හැමදේම ටික ටික කරල බැලුව.
දෙසැම්බර් මාසෙ පොත් ගෙනැල්ල ආපු ඇනවුම් මත ගෙදෙට්ටම පොත් ප්‍රවාහනය කලා. මාර්තු අප්‍රේල් වල ටී ශර්ට් ශර්ට් ගෙනැත් අලෙවි කලා. හැඹැයි මගේ ආයෝජනය පොඩි නිසා මට ව්‍යාපර ස්ථානයක් තිබුනෙ නෑ.
මගේ මුලුම පාරිභෝගිකයෝ මගේ ගෙදර අය. මම පියවරෙන් පියවර ඒක වැඩි කර ගත්ත. අදවෙනකොට මම මාගාල්ලෙ කඩයක් ඇරියෙ මේවගේ ගමනක් ඇවිල්ල.
මගේ දෙමව්පියො මාව විශ්වාස කලත් සමහර අවස්තා වලදි මම ගන්න අවදානම ගැන බය හිතුන.
මගේ යාලුවො ඉස්සර වගේම මගෙන් අදත් අහන්නෙ
" උබට ඕක පුලුවන්ද කියල "
ශොප් එක අරින්න කලිම් දවසෙ සමහර අය කිව්වෙ මේක කරන්න බෑ කියල.
සතුට සමරන්න ඉදපු සමහර යාලුවො බිස්නස් පටන් ගන්න දුක් විදිද්දි ලග හිටියෙ නෑ .
කොහොම උනට් ගහක මල් ගෙඩි දකින්න නම් මුලින් පැලයක් හිටවන්න ඕන. ඉන් පස්සෙ ගහ වැඩෙනකන් සාත්තු කරන්න ඕන
මන් දැන් හිතන්නෙ මම ගහ හිටවන වැඩේ කරල ඉවරයි
ගහ ටිකක් ශක්තිමත් වෙනකන් වැටෙන්න නොදී තියාගන්න එක තමා මගේ ඊලග අභියෝගය .
ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන
ව්‍යාපාර අනාගතය.

mata blank t shirt one
ReplyDeleteoyata puluwanda ?
Ow Puluwan... Colours or Back and white ?
Delete