Instalogix පටන් අරන් මාස 8, සන්නම් නාම 50 , Virtual Office සංකල්පයෙන් වැඩ ගත් ජපුරෙ විරාජ්

අද අපි ව්‍යාපාර අනාගතයෙන් කතා කරන්න යන්නෙ අලෙවි කළමනාකරන අංශයේ  ව්‍යාපාරයක නිරතවෙලා ඉන්න විරාජ් පුරෝහිතගම එක්ක.

විරජ් අපිට කියන්න මොනවද ඔයාගෙ ව්‍යාපාර කියල ?

මගේ ව්‍යාපාරේ නම Instalogix Digital Marketing Solutions. ව්‍යාපාරවලට අවශ්‍ය Digital Marketing කටයුතු සියල්ලම එකම වහලක් යටින් මම කරල දෙනව.
හොදයි ඔබතුමා ගොඩක් ඉගෙනගත්ත කෙනෙක් පොඩ්ඩක් ඒ වටපිටාව ගැන කතා කරමුද ?
මම ඉගෙන ගත්තෙ කොළඹ රාජකීය විද්‍යාලයෙන්. ඒවගේම උසස් අධ්‍යාපනය හැදෑරුවෙ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්. මට ව්‍යාපාර පරිපාලනය පිලිබද විද්‍යාවේදී උපාධියක් තීනව.
පාසැලේ දී මම Hokey කණ්ඩායමට සෙල්ලම් කලා, වණිජ දැනුම මිනුම කණ්ඩායමේ නායක විදියට වගේම වාණිජ සංගමේ ලේකම්  විදියට කටයුතු කලා.
ඒවගේම විශ්වවිද්‍යාලයේ hokey කණ්ඩායමට අවූරුදු 4ක් සෙල්ලම් කලා කණ්ඩායමේ නායකයා විදියටත් කටයුතු කලා. එමෙන්ම පිටප්ට අවුරුදු 4ම මම ශ්‍රී ලංකා විශ්වව්ද්‍යාල කණ්ඩායම නියෝජනය කලා. ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා සංගම් නායකත්වයද හෙබෙව්වා.
පාසලේදි , විශ්වවිද්‍යාලයේ දී භාහිර වැඩ කිරීම තුලින් ලැබුනු පන්නරය අද වෙද්දි මට  ගොඩක් ප්‍රයෝජනවත් වෙලා තීනව.
මීට අමතරව වුර්තීය අධ්‍යාපනය ලබාගැනීමට CIMA Uk සහ SLIM ආයතන වල පාඨමාලා දැනට හදාරමින් සිටිනව.

ඔබතුමා ඇත්තටම හොද රැකියා ගනනාවක් කර අත්දැකීම් තීන කෙනෙක් මොකද හිතුනෙ ව්‍යාපාරයක් පටන් ගන්න ?

ඔව් විශ්වවිද්‍යාල කාලයේ පටන් මම විවිද ශේස්ත්‍ර වල රැකියා කරල තීනව . ඒවගේම International Airline Aviation College එකේ Head of Marketing විදියටත් SLITT ආයත්නයේ Brand Manager විදියටත් කටයුතු කරල තීනව. ඒ හැමදෙයකින්ම ලැබුනු අත්දැකීම් මට වැදගත් උනා. ඔබ අහපු ප්‍රශ්නයට උත්තරයක් දෙනව නම්  ඇත්තටම මට තේරුම් ගිය දේ තමයි මට තනි රැකියාවක් කරනවට වඩා ව්‍යාපාරයක් කරන එකේ අගේ තියෙන බව. ඒත් මොන ව්‍යාපාරෙද කරන්නෙ කියල හොදට කල්පනා කලා. වෙනස්වෙන ලෝකෙත් එක්ක වෙනස් වෙන්න digital Marketing Serivices සපයන සමාගමක් පටන් ගන්න හිතුවෙ ඒ නිසයි.
අමාරු තීරනයක් හොද රැකියාවක් කරන කෙනෙක්ට , නමුත් අනාගතේ වෙනුවෙන් මම ඒ තීරනේ ගත්ත.

මොකද හිතෙන්නෙ මාස 8ක් ඇතුලත ආපු වේගවත් ගමන ගැන ?
 
ඇත්තටම සතුටුයි. ඒ වගේම තව ගොඩක් දුර යන්නත් තීනව.  දැනට මගේ සහෝදර සේවක මණ්ඩලේ 11 දෙනෙක් සේවය කරනව.ඒ වගේම ප්‍රසිද්ධ සන්නම් නාම 50ක් පමන අප ආයත්නයේ සේවා ලබාගෙන තීනව. මේ සන්නම් අතර ගුවන්, ඇගලුම්, අධ්‍යාපන, වණිජ භාණ්ඩ ,බෙහෙත් යන අංශ වල සමාගම් වලට අපි සේවය සපයනව . මීට අමතරව සියලුම ශේස්ත්‍ර වලට මගේ ව්‍යාපාර දියුනු කරන්න බලාපොරොත්තු වෙනව. ආපු ගමන සතුටු වෙනව වගේම මගේ අරමුන ඊලග අවුරුදු දෙක ඇතර ලංකාවෙ හොදම digital marketing සේවා සපයන්නා වීම.

ඔබතුමා සාප්‍රදාය අභියෝගයට ලක් කරපු කෙනෙක්  . ගොඩක් අය කියනව ව්‍යාපාරයක් උනාම office එකක් තීන්න ඕන නගරෙ මැද්දැවෙ කියල . නමුත්  ඔබ තුමා ඒ කතාව සම්පූර්න පුස්සක් කලා ?

මෙහෙමයි මම ව්‍යාපාර කට්යුතු කරන අංශයත් එක්ක ගත්තාම අපි ව්‍යාපාර කටයුතු කරන්නෙ නවීන තාක්ෂණයත් එක්ක.අලුත් වෙන සන්නිවේදන කටයුතුත් එක්ක.  ඉතින් ඒ නිසා සම්ප්‍රදායික ව්‍යාපර ස්ථාන වලින් එහා ගියා. මිල මුදල් අතින් කාර්යක්ෂම  සංකල්පයක් තමයි virtual Office සංකල්පය. ඒ නිසාම ව්‍යාපාර වලට තරගකාරි මිල ගනන් වලට ඉහල සේවයක් මට දෙන්නට හැකි උනා කිව්වොත් නිවැරදියි. බොහෝවිට ඒය මගේ වේගවත් ගමනට හේතුවක් උනා.

ඔබතුමා නියෝජනය කරන විශ්වවිද්‍යාල ප්‍රජාවට ඔබතුමා දෙන්න කැමති පණිවිඩය  මොකක්ද ?

ඇත්තටම මට කියන්න තීන්නෙ එන්න සම්ප්‍රදායෙන් බැහැර වෙන්න. වෙනස්වන ලෝකයත් එක්ක අලුත් වෙන්න. සම්ප්‍රදායිකව රැකියාවක් කරනවට වඩා තමන්ගෙම කියල දෙයක් කරන්න . අපිට ලෝකය දිනන්න පුලුවන්. 

ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන
ව්‍යාපාර අනාගතය

Comments

  1. Proud of u mchn. Best of luck and we r pretty sure that u will be the best digi mktg servc provider in next 2yrs.

    ReplyDelete
  2. Congratulations Putha! Innovative concept.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

How To Control The Business Risk By Mr. Praveen Nirmana Gunawardena

යකඩත් එක්ක හැප්පිල ව්‍යාපාර ලෝකය ජය ගත්තු අමිල

STRATEGIST LIVING IN YOU