"ව්‍යාපාරිකයෙක් ගේ මානසිකත්වයෙන් මිදිල පාරිභෝගිකයෙක් ගේ මානසිකත්වයෙන් දකින්න" - ජවිදු

අද ව්‍යවසායකත්ව අනාගතය සමග එකතු වන්නෙ රුහුණු විශ්වවිද්‍යාලයේ  අවසන් වසර  වෛද්‍ය ශිෂ්‍ය , ව්‍යාපාර මනොවිද්‍යවේදී  ජවිදු පතිරන මහතා. එතුමා අද කතා කරන්න යන්නෙ ව්‍යවසායකත්වය සහ මනෝවිද්‍යාව අතර සම්භන්ධය ගැන.

ජවිදු අපිට කියන්න මොකද්ද මනෝවිද්‍යාව කියල කියන්නෙ ?


මනෝවිද්‍යාව කියන වචනය තුලම අපිට එහි අදහස කියවෙනව.මනස පිලිබද විද්‍යාව.තව දුරටත් සරළ කරනව නම් අපි හිතන පතන විදිය,හැසිරෙන විදිය ගැන අධ්‍යයනය කරන විශය තමයි මනෝ විද්‍යාව කියන්නෙ.

ඔබ තුමා මෙතරම් මනෝවිද්‍යාවට ඇල්මක් දක්වන්නෙ ඇයි ?

මම හිතන්නෙ මම විතරක් නෙවෙයි මනෝවිද්‍යාව කියන විශය අපි හැමෝම අවිඥානිකව, පුoචි කාලෙ ඉදලම ඉගෙන ගන්න ආස කරන විශයක්, ප්‍රායෝගිකව භාවිතා කරන විශයක්.අවුරුදු තුනේදි,හතරෙදි තමන් ආස දෙයක් ඉල්ලගන්න විදිය නොතේරෙන පුoචි දරුව ටික ටික තේරුම් ගන්නව අම්ම දෙයක් අරන් දෙන්නෙ කොහොම ඉල්ලුවමද කියල. ඒකට හේතුව ඒ පුoචි දරුව තේරුම් ගන්නව අම්මගෙ මනස ක්‍රියාත්මක වෙන විදිය, ඒ ඒ මානසික මට්ටම් වලදි අම්මව ආමන්ත්‍රණය කරන විදිය.ඒ තමයි මනො විද්‍යාව.අපි හැමෝම මනෝ විද්‍යාව කියන විශයට කැමතියි,අපි හැමෝම ඒක ඉගෙන ගන්නව ජීවත් වෙන,හුස්ම ගන්න හැම මොහොතකම.

ව්‍යවසායකයෙක්ත්වයයි මනෝවිද්‍යාවයි අතර තිබෙන සම්භන්ධය කුමක්ද ?

මුලින් කිවුවා වගේ මනෝ විද්‍යාව කියන විශය අපි හැමෝටම අදාලයි.අපි ගන්න හැම තීරණයකටම,අපි පෙන්වන හැම හැසිරීමකටම මනෝවිද්‍යාව සම්බන්දයි.ව්‍යවසායකයෙක් කියන්නේ අලුත් ගමනක් යන්න සූදානම් වෙන කෙනෙක්.එතකොට මනස කියන දේ සූදානම් වෙන්න ඕන අලුත් අද්දැකීම් වලට මූණ දෙන්න.අලුත් ප්‍රශ්න වලට මූණ දෙන්න.ඒකට අපි මනස පුහුණු කරන්න ඕන.අන්න එතනදි ව්‍යවසායකයට ගොඩක් වැදඋගත් තමන්ගෙ තමන්ගෙ මනස ගැන හදාරන එක.

ව්‍යවසායකයෙක් බිහිවීමට හේතු වන මනෝ විද්‍යාත්මක සාධක මොනවාද ?


ඒ ප්‍රශ්නෙට මම පුoචි උදාහරණයකින් උත්තරය දෙන්න පටන් ගන්නම්.අවුරුදු දහස් ගාණකට කලින් ජීවත් වුනු මානවය සිටියෙ සම්පූර්ණයෙන්ම නිරුවතින්.පරිණාමයත් සමග මානවයගෙ ඝන ලොම් තට්ටුව අයින් වෙලා ගිහිල්ල තිබුන නිසා දුර්වල තුනී සමකින් තමයි ඒ මානවයගෙ ඇග වැහිල තිබුනෙ.එතකොට ඒ මානවයට මැසි මදුරුවන්ගෙ පීඩා, කාලගුණික වෙනස් වීම් නිසා වෙන පීඩා විදින්න සිද්ද වුනා.හැබැයි බහුතරයක් මිනිස්සු ඒව විදගෙන ඔහේ වෙනද වගේම ජීවත් උනා. ඒ අතරෙ එක මිනිසෙක්ට හිතෙනව මම මගේ ඇග ආවරනය කරගෙන ආරක්ෂා කරගන්න ඕන කියල..

අන්න ඒ හා සමාන සිතුවිල්ලක් තමයි අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන නව ව්‍යවසායකයෙකුටත් ඇති වෙන්නෙ.

තමන් මෙච්චර කල් ගිය පාරට වඩා තමන්ට සුදුසු, තමන් යන්න ආස කරන පාරක්, තමන්ගෙ හැකියාවන් වලට අදහස් වලට ඉඩ ලැබෙන අලුත් පාරක් තියෙනව, මම ඒ පාරෙ යන්න ඕන කියන සිතුවිල්ල.

ශ්‍රී ලංකාවෙ ව්‍යවසායකයින්ට තිබෙන මනෝ විද්‍යාත්මක බාධක කවරේද ?

භාහිර බාධක නම් බොහෝමයි.නමුත් තමන්ගෙම තුලින් එන අභ්‍යන්තර  බාධක වලට වඩා නම් සියලු භාහිර බාධක සුලුයි.

      පලවෙනිම බාධකය තමයි තමන් තුලින්ම එන අවස්ථිතිය.නැත්නම් වෙනස් වීමට ඇති අකමැත්ත.ඇයි එහෙම වෙන්නෙ? හේතුව අපි හැමෝම ජීවත් වෙන්නෙ අපි විසින් නිර්මාණය කරගත්තු හෝ භාහිර සමාජයෙන් අපිට නිර්මාණය කරල දුන්න සැපපහසු කලාපයක(comfortable zone).එතකොට ඒක ඇතුලෙ ජීවත් වෙන්න අපේ මනස හැඩ ගැහිල. ඉතින් මනස කැමති නැහැ ඒ කලාපයෙන් එලියට ගිහින් අලුත් අභියෝග වලට මූණ දීල පුරුදු සැප පහසුව නැති කර ගන්න.

    මොනවද ඒ එන අභියෝග? අපේ අනාගතය පිලිබදව එන අස්ථාවරත්වය, අවිනිශ්චිත බව,අලුත්ම වගකීම් ගොඩක් පැවරීම,හුදකලා වීම, ජිවිතේ තිබුන සමබරතාවය නැති වීම වගේ දේවල්.

   "ඇයි මම මේ හම්බුකරන් කාල ඇදල ඉන්න පුලුවන් රස්සාවක් තියෙද්දි, නිකන් නැති ප්‍රශ්න හදාගන්නෙ?","ඇයි මට රස්සාව කරල ඇවිත් ටිකක් නිදහසේ ඉන්න බැරි?"වගේ තමන්ගෙම මනස තමන්ගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නව.

    මුලින්ම ඇදුමක් හොයා ගන්න තීරණය කර මිනිහටත් මේ ප්‍රශ්නම එන්න ඇති.කොහොමද ගැලපෙන හමක් හොයා ගන්නෙ?කොහිමද ඒ හම සතාගෙන් ගලව ගන්නෙ?නරක් වෙන එක නවත්ත ගන්නෙ කොහොමද?වගේ.

    ඒ විතරක් නෙවෙයි ඔහුගෙම සගයො  ඔහුගෙන් ප්‍රශ්න කරන්න ඇති "උඹ මොකටද ඇදුම් අදින්නේ?අනිත් සත්තු කවුරුවත් ඇදුම් අදින් නෑනෙ?අපි මෙච්චර කල් ජීවත් උනේ ඇදුම් ඇදලද?"

    ඔන්න ඔයි වගේ අලුත් ව්‍යවසායකයත් අලුත් වෙන්න, වෙනස් වෙන්න තීරණය කිරීම නිසා විවිධාකාර මානසික ප්‍රශ්න රැසකට ගොදුරු වෙනව.

අනාගත ව්‍යවසායකයන්ගේ  පවුලේ සාමාජිකයන්ට දෙන්න තීන පණිවිඩය කුමක්ද ඔහු දිරි මත් කරන්න ?

ලoකාවෙ සoස්කෘතිය සහ වැඩිහිටි පරම්පරාවෙ ආකල්ප එක්ක මේ වගේ අලුත් ව්‍යවසායකයෙක්ට ගැටෙන්න සිදුවීම බොහොම සාමාන්‍යයි.මේ ගැටීමෙන් ගොඩක් වෙලාවට ජය ලැබෙන්නේ ව්‍යවසායකයට නෙවෙයි කියන එකත් බොහොම පැහැදිලියි. ඒ වැඩිහිටි පරම්පරාවට අවුරුදු ගාණක් තිස්සෙ තමන් විශ්වාස කරන දෙයක් වැරදියි කියල හරි,අමතක කරන්න කියල හරි කියන එක ප්‍රායොගික නැහැ මම හිතන්නෙ.ඒක නිසා ඒ පරම්පරාවට උපදෙසක් දෙනව වෙනුවට ඉල්ලීමක්  කරන්න මම කැමතියි.ඒ තමයි තමන්ගෙ දරුවෙක්, බාල සහෝදරයෙක් සහෝදරියක් වෙනස් ගමනක් යන්න උත්සාහ කරනව නම් උදවු නොකලත් බාධා නොකර පොඩ්ඩක් ඉවසීමෙන් බලන් ඉන්න කියන එක.


අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්න අයෙකුට ශ්‍රීලංකාවෙ තිබෙන මනෝවිද්‍යාත්මක භාදා නැති කර ගන්නෙ කෙසේද ?
ජීවිතේ අපිට එන හැම ප්‍රශ්නයකට විසදුම් නැහැ.හැබැයි අලුත් දෙයක් කරන්න හිතල අලුත් පාරක යන්න හදන මනුස්සයෙකුට එන අපි කලින් කිවුවා වගෙ ප්‍රශ්න වලට විසදුම් තියෙනව.

ව්‍යවසායකයෙක්, ව්‍යාපාරිකයෙක් කියන කෙනා ගාව වර්ධනය කරගන්න ඕන මූලිකම ගුණාoගයක් තමයි "නියම වෙලාව" (right time)හදුනා ගැනීම.

  ලෝකෙ පුරාම දවසකට කීදෙනෙක් තමන්ගෙ ආයතනයේ ජේෂ්ඨ නිලධාරින් එක්ක ගැටුම් ඇතිකරගෙන එලියට බැහැල කියනව ඇත්ද "මට බෑ බo එක එකා යටතෙ වැඩ කරන්න ,මම මගේම වැඩක් පටන් ගන්නව" කියල.

  එහෙම නැත්නම් "අන්න අරුත් පටන් අරගෙන උගේ බිස්නස් එකක්, මාත් දානව මගේ එකක්" කියල ව්‍යාපාර පටන් ගන්නව ඇත්ද?

   ඒත් ඒ ව්‍යාපාර කොච්චර නම් මාසෙන්, දෙකෙන්, අවුද්දෙන් දෙකෙන් බoකොලොත් වෙලා යනවද?
එහෙනම් අපි තේරුම් ගන්න ඕන දේ මොකද්ද? ක්ෂණික උත්තේජනයන් එක්ක මනස හැසිරෙන වෙලාවට ඉක්මන් තීරණ නොගෙන ඉවසීමෙන් තමන්ට ගැලපෙන හොදම වෙලාව එනතුරු බලා සිටීම.මනස කියන්නෙ අපිට පුහුණු කරන්න පුලුවන් දෙයක්. සාර්ථක ව්‍යවසායකයෙක් තමන්ගෙ මනස හරියට පුහුණු කරන්න ඕන.

සාර්ථක ව්‍යවසායකයෙක් වෙන කෙනෙක් ව්‍යාපාරිකයෙක්ගෙ මානසිකත්වයෙන් මිදිල පාරිභොගිකයෙක්ගෙ මානසිකත්වයෙන් දකින්න පුහුනු වෙන්න ඕන. පාරිභෝගිකයගෙ මානසික්ත්ව තේරුම් ගත්තු කෙනාට තමන්ගෙ නිෂ්පාදනය,හෝ සේවාව සම්බන්ධයෙන් ඉහල ප්‍රමිතියක් පවත්වා ගන්න පුලුවන්.

ඒ වගේම නිතරම අලුත් වෙන්න , අලිත් අදහස් හඹා යන්න මනස පුහුණු කරන්න ඕන.ඒ අදහස් අනුව ක්‍රියාත්මක වෙන්න ඕන.තමන් මත විශ්වාසය තියල ස්වාධීනව තීරණ ගන්න මනස පුහුණු කරන්න ඕන.

අන්න ඒ පුහුණු වීම් එක්ක දිගටම ඉදිරියට ගියොත්, ගල්‍ යුගේ මුලින්ම ඇදුමක්  ඇදගත්තු මනුස්සයා තමන්ට එන පාරිසරික කරදර වලට සාර්ථකව මුහුණ දෙනව දැකපු අනිත් මිනිස්සුත් ඇදුම් අදින්න පටන් ගත්ත වගේ සමාජය ඔබේ ව්‍යාපාරයේ  පාරිභෝගිකයෝ හෝ අනුගාමිකයො බවට පත් වේවි.

ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන
ව්‍යාපාර අනාගතය


Comments

  1. i have no word to explain it thaks thaks lot i alredy print this artikals

    ReplyDelete
  2. Yes, Agreed. ප්‍රශ්න වලට බිය නොවී, වැරදීම් තුළින් අත්දැකීම් ලබා යන ගමනේ අවසානය නිෂ්ටාවමය.

    ReplyDelete
  3. Dear Readers

    Thank you very much for comments. We hope you all will develop your business or start your dream business with knowledge from these articles
    All the very best

    Pasan Malinda Katipearachchi
    Bsc ACCA ACMA CGMA
    Chief Editor Business Tommorrow / CEO AENZ International

    ReplyDelete
  4. බිස්නස් එක හරිම තැන place කරන්නත් ඔනී

    ReplyDelete
  5. බිස්නස් එක හරිම තැන place කරන්නත් ඔනී

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

How To Control The Business Risk By Mr. Praveen Nirmana Gunawardena

යකඩත් එක්ක හැප්පිල ව්‍යාපාර ලෝකය ජය ගත්තු අමිල

STRATEGIST LIVING IN YOU