මගේ ගැණු ළමය මට කිව්වෙ ඔයා ඔයා වෙන්න කියල - නවීන් කාවින්ද

අද ව්‍යාපාර අනාගතයෙන් අපි කතා කරන්නෙ Naveen Renters & Caterers  හි අධිපති නවීන් කාවින්ද විජයසිංහ මහතා ගැන.

නවීන් මහත්මයා අපිට පොඩ්ඩක් කියනවද මොකද්ද ඔයාගෙ ව්‍යාපාරෙ වෙන්නෙ කියල ?
ඇත්තටම අපි නවීන උත්සව භාණ්ඩ සපයන ආයතනයක්. අපි පාරිභෝගිකයන්ගේ ජීවිතයේ ඕනෑම උත්සව අවස්තාවක් සදහා උත්සව භාණ්ඩ සපයනව.

නවීන් කියන්නකො ඔයාගෙ පසුබිම ටිකක් ?

මම ගාල්ල මහින්ද විද්‍යාලයෙන් වණිජ අංශයෙන් උසස්පෙල හැදෑරුවෙ. ඒ වගේම Sri Lanka Institue of Tourism  & hotel Management එකෙන් Management Level Diploma සහතිකයක් මට තීනව.දැනට මම එම ආයතනයේම උපාධිය අවසන් වසර හදාරමින් සිටිනව.

මට හෝටල් 10ක විතර ශේස්ත්‍ර ගණනාවක පලපුරුද්ද තීනව. මම management Trainee විදියට Cirtus Hikkaduwa , Malu Malu, Heritance Ahungalla , Light House Hotel වැනි ප්‍රසිද්ධ  හෝටල් වල වැඩ කරල තීනව.

ඉතින් නවීන් ඒ අතරෙ මොකද මේ ව්‍යාපාරයක් කරන්න හිතුනෙ ? කොහොමද Naveen Renters & Caterers  වලට පසුබිම හැදෙන්නෙ?

මම හරිම අසතුටෙන් හිටියෙ . ඇත්තටම කල කිරීමෙන් හිටියෙ. මට පිට කෙනෙක් ගාව වැඩ කරන්නම බෑ. මට අසාධාරණෙ පෙන්නන්න බැහැ. මම මගේ සම මට්ටමේ සගයන් වෙනුවෙන් කතා කරල වැරදි කාරය උනා. කෙලින්ම කියනව නම් මට ආත්ම තෘප්තියක් තිබ්බෙ නැහැ. මට තේරුනේ මගේ තීන තරුණ ගැම්ම අපතේ යනව කියල. මට මීට වඩා දෙයක් පුලුවන් කරන්න  කියල විශ්වාසය තිබ්බා.
ඒ අතරෙ මම ආසම දෙයක් තමා මෝටර් සයිකල් පදින එක. මම හම්බ කරපු සල්ලි වලින් බයික් එකක් ගත්ත. ඒ කාලෙ මම දග කාරයි.  ඒත් වට පිටාවෙ අය කිව්වෙ මම රස්තියාදු කාරයෙක් කියල. ඒවට අපේ අම්මයි තාත්තයි සෑහෙන දුක් උනා.
ඔය අතරෙ මගේ ජීවිතේ තීරනාත්මක වෙනසක් උනා. මට ගොඩක් ආදරේ කරන ගෑනු ළමයෙක් මට මුන ගැහුනා. එයා මට කිව්වෙ ඔයා ඔයා වෙන්න අනිත් අය කියන දේ වැඩක් නැහැ කියල .
මට හිතුනා මම කිව්ව හේතු ටිකත් එක්ක මට හරියන්නෙ මගේම ව්‍යාපාරයක් කියල මම වර්ථමානයෙ තීන විවිද ව්‍යාපාර අවස්ථා හොයල බැලුව. විශේෂයෙන්ම ලේසියෙන් පාඩු නොවන මගේ අතේ තීන ගානට හරියන ව්‍යාපරයක් තමා බැලුවෙ.
අපේ පවුලේ කෙනෙක් ට මාතර මම කරන වගේම උත්සව භාණ්ඩ සපයන ආයතනයක් තීනව මම ඒකෙ සතියක් පඩි නොගෙන අත් උදව් දෙන්න ගියා. සම්පුර්ණයෙන්ම ව්‍යාපාරය මම අවබෝධ  කර ගත්ත.
මම මගේ ආදරෙ කරපු මෝටර් සයිකලේ ලක්ශ 4.5 කට වික්ක , මම හොටල් වල වැඩ කරල ඉතුරු උන රුපියල් ලක්ශයකුයි, අපේ අම්ම ඉස්සරහට ඉගෙන ගන්න තියල තිබිච්ච රුපියල් ලක්ශ 2ක් කුයි මට දුන්න.
මම අධ්‍යයනය කලා නිතර දෙවේලෙ ඉල්ලන බඩු මොනවද කියල . මගේ අතේ තීන ගාන පොඩි නිසා නිතර යන බඩු ටිකක් විතරක් මම ගත්ත. මම එකපාරකට එක වැඩක් කරන්න බඩු තියා ගත්ත. හොද වෙලාවට පටන් අරන් දවසෙන් Mr.Hops එකෙන් රුපියල් 15000 ක වැඩක් ආව . මම මගේ උපරිමයෙන් පාරිභෝගිකයට සැලකුව. ඒ මහත්තුරු මට පුදුම කැමති උනා. සමහර මාස වල රුපියල් 500යි ආවෙ . අතෑරල දාන්න කියල ගෙදරින් කිව්ව වෙලාවල් අනන්තයි. ඒත් මම සැලුනෙ නැ මේක මගේ ව්‍යාපාරෙ ඒකයි. මම සෑහෙන මහන්සි වෙනව මොකද මහන්සි වෙන තරමට ආදායම මට. සමහර වෙලාවට ගෝලයො අතින් අඩුපාඩු වෙනව. මට අද පාරිභෝගිකයෙක් වැඩක් දුන්නොත් ගෝලයො නැති උනත් තනියෙන් බඩු පටවගෙන මම උපරිම ප්‍රමිතියෙන් මගේ පාරිභෝගිකයට සේවය සපයනව. කිසිම වෙලාවක ප්‍රමිතිය අඩු කරන්න මම මිල අඩු කරන්න ගිහින් නැහැ.ගෙවන මිලට වටිනා සේවාවක් මම සපයනව.
මේව මම ඉගෙන ගත්තෙ හෝටල් වල වැඩ කරන කාලෙ. එක හෝටලේක මම වැසිකිළිය පිරිසිදු කරල ඉවර උනා විතරයි , විදේශීය සංචාරකයෙක්ට බඩ එලියෙ ගියා මගදිම . මම ආයෙත් ඒ ඔක්කොම තිබ්බ විදියටම පිරිසිදු  කලා. ඒ සුදු මහත්තය මට ඒ වෙලාවෙ රුපියල් 100ක් දුන්න! ඒක තමා මට මගේ ජීවිතෙ ලැබිච්ච පළවෙනි සන්තෝසම.
මට දැන් ලොරියක් තීනව . හැබැයි මම තමයි පදින්නෙ, මොකද මගේ වාහනේ ආදරෙන් පදින්නෙ මම නිසා.  ඕනම වැඩකදි buffet  set එක  මගේ අතින් තමයි නිම වෙන්නෙ . පළවෙනි buffet set එක අරන් දැන් අවුරුදු 2.5 ක් වෙනව තාම එක මළකඩ  බින්දුවක් නෑ මම හැමදාම පිරිසිදු කරනව මගේ අතින්ම. මොකද මම මට හම්බකරල දෙන දේට ආදරේ වෙන්න ඕනා. ප්‍රමිතිය සම්බන්ද වැදගත් වෙන ඕනම දේකට මම කෙලින්ම සම්භන්ද  වෙනව.

කොහොමද අද වෙනකොට ව්‍යාපර තත්වෙ ?

Galle Dental Association  එකෙ ඕක්කොම මහත්තුරු මගෙන් තමා උත්සව භාණ්ඩ ගන්නෙ. ඒවගේම හෝටල් තුනකටත් මම භාණ්ඩ සපයනව. මම සාමන්‍යයෙන් වැඩ 15ක් විතර මාසෙට කරනව.මට මගේම ලොරි රථයක් වගේම අද මට මගේම සේවක මඩුල්ලක් ඉන්නව. ඒවගේම ඕනෑම උත්සවයක් කරන්න පුලුවන් වෙන්න අවශ්‍ය සියලුම ආම්පන්න තීනව.
පාරිභෝගිකය ලොකු උනත් පොඩි උනත් මම ඒ හැම කෙනාටම මහත්මයා කියල ගෞරව දීල කතා කරන්නෙ. මම යන්නෙ භාණ්ඩ දෙන්න මුඩුක්කුවක් වෙන්න පුලුවන් හැබැයි මම ඒ අයටත් ඉතාම ගෞරවයෙන් සලකනව. සමහර වෙලාවට පාරිභෝගිකයන්ගෙන් බැනුමක් ඇහුවත් ඉවසන්න පුරුදු උනා. ඒක තමා මගේ දියුනුවට හේතු උනේ.

ඔබතුමාගෙ අනාගත බලාපොරොත්තු මොනවද ?

මගේම හෝටලයක් සහ උත්සව ශාලාවක් කරන්න තමා මගේ බලාපොරොත්තුව.

අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න හිතන් ඉන්න මේක කියවන අයට මොකද්ද ඔබතුමා දෙන්න කැමති පණිවිඩය ?

මුලින්ම කන්දෙකේ ඇගිලි ගහ ගන්න.තමන්ගෙ අරමුනට හිත යොමු කරන්න. අනිත් අය කියන ඒව අහන්න යන්න එපා. අහල පහල අය ගහන ගල් එකතු කරන්න ඒ ගල් ටික එකතු කරල තමන්ගෙම ගෙයක් හදා ගන්න.
තමාන්ගෙ පුහු මාන්නය බිමින් තියන්න පාරිභෝගිකය අංක එකේ තියන්න . ඔහුගේ අවශ්‍යතා උපරිමයෙන් ඉටු කරන්න.

ව්‍යවසායකත්ව  සංවර්ධන  වැඩසටහන 
ව්‍යාපාර  අනාගතය

Comments

  1. නියමයි. මේ සයිට් එකේ theme එක පොඩ්ඩක් වෙනස් කරන්න. කියවද්දී ඇස් වලට අමාරුයි.

    ජීවිතේට ගන්න වැදගත් දේවල් එමටයි. ජය

    ReplyDelete
    Replies
    1. Yasitha thanks for comment we will rectify this asap
      Please tell us whether you are looking from mobile or destop
      Thank you

      Pasan Malinda Katipearachchi
      CEO
      AENZ International

      Delete
  2. මුලින්ම කන්දෙකේ ඇගිලි ගහ ගන්න.තමන්ගෙ අරමුනට හිත යොමු කරන්න. අනිත් අය කියන ඒව අහන්න යන්න එපා. අහල පහල අය ගහන ගල් එකතු කරන්න ඒ ගල් ටික එකතු කරල තමන්ගෙම ගෙයක් හදා ගන්න.
    තමාන්ගෙ පුහු මාන්නය බිමින් තියන්න පාරිභෝගිකය අංක එකේ තියන්න . ඔහුගේ අවශ්‍යතා උපරිමයෙන් ඉටු කරන්න.
    Supiri kathawa

    ReplyDelete
    Replies
    1. Thank you
      thusitha. we all need to enlighten our country. Our goal is to build entrepreneurs.

      Delete
  3. Cingratulation naveen..proud to be mahindian as well as ur frnd..may be success & greatfull ur lifee machan

    ReplyDelete
    Replies
    1. Thanks for the comments. I hope this page will be a motivation to people to start something new and grow upto great heights.

      Regards
      Pasan Malinda Katipearachchi
      CEO
      AENZ International

      Delete
  4. Good job Pasan & Good worsa from Kavinda. Wish you both for successful endeavours.
    🙂🙂

    ReplyDelete
  5. My Father has entered the same field before 10 years and the result he has gained today is impressive.
    Also this page is a good motivation for all entrepreneurs.
    Thanks AENZ team

    ReplyDelete
  6. නවීන් අපි ඒ දවස් වල දැක්කෙ දඟකාර චරිතයක් විදියට. අවංකවම සතුටු වෙනව ඔබ දැන් ඉන්න තත්ත්වට. ඔබගේ ව්‍යාපාර දිනෙන් දිනම දියුණු කරගෙන අනාගතයේ දී සාර්ථක පුද්ගලයෙක් වන්න.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

How To Control The Business Risk By Mr. Praveen Nirmana Gunawardena

යකඩත් එක්ක හැප්පිල ව්‍යාපාර ලෝකය ජය ගත්තු අමිල

STRATEGIST LIVING IN YOU