ශ්‍රී ලංකා ආර්ථිකයේ වැරදුනු තැන ?



ශ්‍රී ලංකා ආර්ථිකය අධ්‍යනය කරන බොහෝ අයට පෙනෙන කාරනයක් වන්නෙ නිදහස ලබා වසර 70ක් ගත වුවද තවමත් ශ්‍රී ලංකාව දියුණුවෙමින් පවතින රටක් බවයි.


බොහෝ දෙනා අද අප සිටිනා තත්වය හොද මදි යැයි ප්‍රකාශකර සිටියද වර්ථමාන තත්වය උද්ගත වීමට බලපාන හේතු සාධක සහ ශ්‍රී ලංකාව නැවත ගොඩ නැංවීමට අවශ්‍ය පදනමක් පිළිබදව බොහෝ විට විශ්ලේශනය කරනු නොලබයි. මෙම සියලුම ගැටලු විශ්ලේෂණට අද අප සමග එක්වනවා පසන් මලින්ද කැටිපෙආරච්චි මහතා.


අප මුලින්ම ඔබ ගෙන් දැනගන්න කැමතියි  ශ්‍රී ලංකා ආර්ථිකයේ වසර 70ක ඉතිහාසයේ වැරදුනු තැන් මොනවාද යන්න ?

ශ්‍රී ලංකා ආර්ථිකය විශ්ලේශනය කරනවිට 1972 සහ 1978 කියන්නෙ ආර්ථිකය උඩු යටිකුරු වුනු අවස්ථා දෙකක්. ඇත්තටම ශ්‍රී ලංකා ආර්ථිකය කියන්නෙ එංගලන්තයේ සැලසුමකට අනුව ක්‍රීයාත්මක වුනු කෘෂිකාර්මාන්තය මත පදනම්ව ක්‍රීයාත්මක වුණු ආර්ථික ක්‍රමයක්. අපේ ආර්ථිකය ගොඩක් ම තේ පොල් රබර් අපනයනය මත තමයි රැදිල තිබුනෙ. පළවෙනි ආර්ථිකයෙ හැරවුම් ලක්ශය මම හිතන්නෙ 1972 දී සිරිමාවූ රජය යටතේ ආර්ථිකය ආනයන ආදේශන වෙත පෙළබීමයි. එමන්ම එම කාලයේ රාජ්‍ය අංශයට කරන ලද පවරා  ගැනීම් ප්‍රමාණයද අතිවිශාලයි. මේ අනුව  ශ්‍රී ලංකාවෙ තිබුණු ඉංග්‍රීසි සම්පත් මත පදනම් වුනු ආර්ථික දැක්ම මාරු වෙනව. ඇත්තටම මේ කාලයේ ආර්ථික වර්ධන වේග දිහා බැලුවොත් ඔබට සංවර්ධනයේ අඩාලවීම පැහැදිලිව දකින්න පුළුවන්.

ඒ වගේම  ඒ ගමන් මග උඩු යටි කුරු කරමින් අපනයන අභිමුඛ කර්මාන්ත බිහිකරමින් වෙළදපොල තරගකාරිත්වයක් ඇතිකරමින් 1978 න් පසුව ජේ ආර් ජයවර්ධන මහතාගේ ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක වෙනව.

ඔනෑම කෙනක් තර්ක කරන්න පුළුවන් මේ දෙකෙන් එකක් හරි කියල. ඔව් ඇත්ත ලෝකයේ සමාජවාදී  ආර්ථික ක්‍රිමයක් තුළ දියුනු වුණු රටවල් වගේම ධනවාදී ක්‍රමය තුල දියුණු වුණු රටවල් බොහෝමයක් තිබෙනව. නමුත් අපේ රටේ ස්ථාවර ප්‍රථිපත්ති මාලාවක් දිගුකාලීනව ක්‍රියාත්මක නොවීම මත අපේ ආර්ථිකය යායුතු තැනට නොගිහින් තිබෙනව.

එයට හේතුව ආර්ථික නොවන දේශපාලන අස්ථාවරත්වයට බලපාන ගැටලු රැසක් ශ්‍රී ලංකා ආර්ථිකය වටා ගොඩ නැගී තිබීමයි. ඒ අනුව ආර්ථික ප්‍රථිපත්ති නොසලකා අනෙකුත් සාධක මත ජනතාව ප්‍රථිපත්ති මාරු කිරීමට රජයන් මාරු කෙරූ බව දක්නට පුළුවන්.  එහි අහිතකර බලපෑම අදටත් අප විදිනව.

දෙවනි කාරණය ආර්ථික ව්‍යුහයේ තිබෙන ගැටලු.ශ්‍රී ලංකා ආර්ථිකය සහ එංගලන්ත ආර්ථිකයේ කෘෂිකාර්මික , කාර්මික සහ සේවා අංශවල දායකත්වය සලකා බැලූ විට ශ්‍රී ලංකාව සේවා අංශය වඩාත් ඉක්මණින් පුළුල් කලා මිස ආර්ථිකයෙ කෘෂිකාර්මික හා කාර්මික අංශයේ උපරිම දියුණුව කරා ලගා නොවුන බව ඉතා පැහැදිලියි.

ඇත්තටම ශ්‍රී ලංකාව තුල කාර්මික භාණ්ඩ නිෂ්පාදනය ඉතාම අවම වීම අපේ ආර්ථිකයේ තිබෙන විශාල අඩුපාඩුවක්. ශ්‍රී ලංකාව ආර්ථික විභවය සහ වර්ථමාන ආර්ථික තත්වය අතර විශාල වෙනසක් නැත්තෙ ඔන්න ඔය කාරණාව නිසයි. ලංකාවෙ මනුස්සයෙක් කෝච්චියක් හදනව කිව්වොත් හරි , චන්ද්‍රීකාවක් අහසට යවනව කිව්වොත් ඔක්කොම අය හිනාවෙයි. ඇත්තටම අපේ ලංකාවෙ ඒ වගේ නිෂ්පාදන කරන්න පුළුවන් අය ඕනෑ තරම් ඉන්නව. නමුත් නෛතික පසුබිම සැකසිලා නැතිවිම සහ ආයෝජකයන් නොමැති වීම තමයි තිබෙන ප්‍රධාන ගැටලුව. ඔබ හොදට ඇමරිකාව එංගලන්තය දෙස බලන්න කෙතරම් නව නිෂ්පාදන සංක්‍යාවක් ඒරටින් එලියට් පැමිණ තිබෙනවද ? ඒ බොහෝ දේ තුලින් අදටත් ඒ රටවල් වලට විශාල ආදායම් ප්‍රවාහ ගලා එනව.

ඔබ දකින විදියට ශ්‍රී ලංකාවට අන්තර්ජාතික සන්නමක් බිහි කිරීමට තිබෙන බාදා මොනවාද ?

ඔබ හොදට නිරීක්ෂණය කරල බලන්න සමාජ ජාල සියල්ලෙම හිමිකරුවන් කව්ද කියල බොහෝ විට ඇමරිකාව . ඒ වගේම ලෝක ප්‍රසිද්ද මාධ්‍ය ජාල බහුතරයක් ඇමරිකාව සතුයි. ශ්‍රී ලංකාවට අන්තර්ජාතික මට්ටමේ  අර ශ්‍රී ලාංකීයකරණය කියන පටු අදහසෙන් ඔබ්බට ගියපු ජනමාධ්‍යක අවශ්‍යතාවය තිබෙනව.
ඉතින් අපගේ භාණ්ඩ සහ ඒ ඒ රටවල් වල සංස්කෘතිය සමග මුසු කරන්න පුලුවන් අන්තර්ජාතික සියුම් මාධ්‍යක් අපට තිබෙනව නම් අපේ ලංකාවෙන් අන්තර්ජාතික නිෂ්පාදන විශාල ප්‍රමාණයක් බිහිවෙන්න පුළුවන්.

ඒ වගේම ශ්‍රී ලංකාව විදේශීය අලෙවිකරණ ඒජන්ත වරුන් සමග අවබෝධතාවයකට පත්වෙන්න හැකි මට්ටමේ උපායමාර්ගික සබදතා ගොඩනගා ගැනීමට අපොහොසත් වීමත් එක හේතුවක්.

මේ සියල්ල එක්ක අපිට ඉතාම පැහැදිලි කරුණක් වෙනව අන්තර්ජාතික සන්නම් ඇති ශ්‍රී ලංකික බහුජාතික සමාගම් කිහිපයක් අපට තිබුණා නම් අප රටේ ආර්ථික වර්ධන වේගය 10% ක මට්ටමට ගෙන එන එක එතරම් ගැටලුවක් නෙවෙයි.

දරිද්‍රතාව පිළිබද ශ්‍රී ලංකාවෙ දර්ශනය කුමක්ද ?

පැහැදිලිව ශ්‍රී ලංකාව යැපෙන්නන් බිහි කරණ රටක් මිස ආදායම් උපයන්නන් බිහි කිරීම මගින් දරිද්‍රතාව තුරන් කිරීමේ සැලසුමක් නැති වීම මත අප රටේ ආර්ථිකයෙ දිළින්දන් තව තවත් දිළිදු වීම සිදු වෙනව.

විශේශයෙන්ම වයස 55න් විශ්‍රාම යෑමේ ක්‍රමවේදය තුල ශ්‍රී ලංකාවට පළපුරුද්දෙන් අනූන ශ්‍රමික සම්භාරයක් අපතේ යෑමත් යැපෙන්නන් බිහිවීමටත් හේතු වෙලා තිබෙනව. බොහෝ දියුණු රටවල් වල ඔවුන් මියයන තුරුම රැකියාවන් වල නියුක්ත වෙනව. ඒ තුලින් විශ්‍රාමයෑම තුල ඇතිවන මානසික පීඩන අවම වෙනව.  ඇත්තටම ක්‍රීයාකරීව හිටපු මහජනතාව එකවරම රැකියා නොකර ගෙදර සිටීමට යොමු වීමෙන් විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වීම සාමන්‍යයි. ගොඩක් වෙලාවට ශ්‍රී ලංකාවෙ විශ්‍රාම ගැන්වීමෙ ක්‍රමය තුලින් බලාපොරොත්තු වෙන්නෙ තරුණ තරුණියන්ට නොනවත්වා රැකියා අවස්ථා බිහි වීමයි. නමුත් එය ආර්ථික වර්ධනයට හේතුවක් වන්නෙ නැහැ. හොදම ක්‍රමය වන්නෙ විශ්‍රාම යෑම ගැන තිරන ගැනීම එම  පුද්ගලයාට භාර කිරීමයි.

එමෙන්ම අපි දැකල තිබෙනව ආර්ථිකය ඇතුලෙ නවෝත්පාදනය සදහා සංස්කෘතිකමය සුදානමක් නොමැති බව. ආර්ථිකයක් වේගවත් වර්ධනයක් කරා ගමන් කරන්නෙ අලුත් දේවල් සමගයි. හුගක් වෙලාවට අපේ රටේ රජයේ ආයෝජන ඒවට අඩු නිසා Dialog ,JKH , Laugh වැනි සමාගම් වලට නවෝත්පාදනයේ යෙදීසිටින
තරුණ පර්ම්පරාවට අත දෙන්න සිදුවෙලා තිබෙනව.

ශ්‍රී ලංකාව ඇත්තටම සංවර්ධිත රටක් බවට පත් කල හැකිද ඒ කෙසේ ද ?

අපි වර්ථමාන තත්වයෙ ඉදන් බැලුවොත් අපිට තිබෙන අභියෝග ලේසි නැහැ. නමුත් ශ්‍රී ලංකාව වගෙ කුඩා ජනගහනයක් ඉන්න කුඩාරටක් දියුණු කිරීම තරම් ඉතා පහසු දෙයකුත් තව නැහැ.

මම කැමතියි මේ කතාවෙදි දේශපාලනය ටිකක් පැත්තකින් තියන්න. මම පියවරෙන් පියවර කතා කරන්නම්.

1. කෘෂිකාර්මික අංශය - පැහැදිලිව කෘෂි කාර්මික අංශය සදහා අවශ්‍ය කරන යන්ත්‍රෝපකරණ සියල්ල ශ්‍රී ලංකාවෙ නිෂ්පාදනය කළ යුතුයි.ඒ හරහා ශ්‍රී ලංකාවට ගැලපෙන වැඩි ඵලදායීතාවයකින් යුක්ත අස්වැන්නක් ලබා ගත හැකියි.

2. කාර්මික අංශය - කාර්මික අංශය තරගකාරී ලෙස කාර්මික යන්ත්‍ර සූත්‍ර නිශ්පාදනය සිදුකරන අංශයක් බවට පරිප්වර්ථනය විය යුතුයි. එහි වාසිය වන්නෙ විභව නිමවුම ශ්‍රී ලංකාව තුල වැඩිකිරීමත් පර්‍යේෂන අංශයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය වන පන්නරය ඒ සමග ලැබීමයි. එමෙන්ම නිමි භාණ්ඩ අපනයනය සදහා ගෘහස්ථ කර්මාන්ත ක්‍රමය භාවිතා කරනව නම් විශාල කර්මාන්ත ඉදිකිරීමට තරම් ආයෝජන අවශ්‍ය නොවන අතර ශ්‍රී ලංකාව පුරා දීප ව්‍යාප්ත සංවර්ධනයක් සහ දරිද්‍රතාව නැති කරමින් සංවර්ධනය කරා ගමන් කල හැක.

3.සේවා අංශය - ව්‍යාපාර සේවා අංශය ශක්තිමත් කිරීමට තොරතුරු තාක්ශණයේ ව්‍යවසායකයන් ශක්තිමත් කළ යුතු අතර හොදම ව්‍යාපෘති සදහා රජය ආයෝජකයෙක් බවට පත්වීමට හැකි නම් අපේක්ෂා කරන අන්තරජාතික ප්‍රතිඵල ලබා ගත හැක.

4. අන්තර්ජාතික ජනමාධ්‍ය ඒකකයක් නිර්මාණය කර ශ්‍රී ලංකාවෙ අපනයන කිරීමට අපේක්ෂිත රටවල් තුල ප්‍රචලිත කිරීම සිදුකල යුතු අතර ඒ හරහා අපගේ සේවා නිශ්පාදන්  පිළිබද වෙළද දැන්වීම් මගින් ප්‍රචාරණය කිරීමට සහ අපගේ ව්‍යවසායකයන් ,දක්ශතා සහිත විවිධ අංශයන්ගේ දක්ශයන් ලෝකය වෙත ගෙනයා හැක.

5.සෞඛ්‍යය නැංවීම සදහා බොහෝ ලෙඩරෝග වලට හේතුකාරක වන දුම්පානය තහනම් කිරීම කලයුතු අතර. ඒ මගින් සෞඛ්‍යය සදහා රජයේ වියදම අඩුකරගත හැක. එමෙන්ම ශ්‍රී ලංකාව hybrid සහ electrical වාහන සදහා තීරු බදු අවම කර petrol සහ Desel වාහන ගෙන්වීම වසර දෙකක් තුල තහනම් කල යුතුය.  එමෙන්ම රසායනික පොහොර භාවිතය තහනම් කල යුතු අතර ඒ හරහාද සෞඛ්‍යය සදහා යන වියදම අඩු කර ගත හැක.
එමෙන්ම ශ්‍රී ලංකාවෙ සියලුම පුරවැසියන් හට සෞඛ්‍යය රක්ශනයක් තිබීම නිවාර්‍ය කිරීම සහ එහී අත්‍යවශ්‍ය ආවරණයක් ලෙස ව්‍යායාම කිරීම් මධ්‍යස්ථානයක ලියාපදිංචි වීම ලබා දිය යුතුවෙ.
හැකි නම් තිරිගු පිටි ගෙන්වීම නැවැත්විය හැකි නම් ශ්‍රී ලංකාවෙ ලෙඩරෝග 90%ක් නැවැත්විය හැක.

6. අධ්‍යාපනය සලකා බැලීමේදී සියලුම මට්ටම් වල 100% විභාග හරහා ළමුන්ගෙ දක්ශතාවය මැණීම සීමා කල යුතු අතර. ප්‍රායෝගික භාවිතා සහිත විශයන් සියල්ලම 60% ප්‍රායෝගික ක්‍රියාකාරකම් මතත් 40% විභාග ක්‍රිමය තුළිනුත් ළකුණු ලබාදිය යුතුයි. එමෙන්ම  ඒ අතරට කණඩායම් ක්‍රියාකාරක්ම් එකතු විය යුතුය. එමෙන්ම විශය පථය්න් ප්‍රමාණය විශාල කර දරුවන් ඉගෙනීමට ආස වන ආකාරයට බහුතර දරු පරම්පරාව අධ්‍යාපනයේ ඵල නෙලා ගන්නා ආකාරයට අධ්‍යාපන ක්‍රමය වෙනස් කල යුතුයි. එමෙන්ම විශ්වවිද්‍යාලය තුල සෑම විශයක්ම හැදෑරීමේදි නව පර්යේෂනයක් කිරීම අනිවාර්‍ය කල යුතු අතර. එම පර්‍යේශන සියල්ලම ආර්ථිකමය සහ සමාජීය වැදගත්කමක් තිබිය යුතුයි. එමෙන්ම අධ්‍යාපන ක්‍රමය නවෝත්පාදන දිරිගන්වන පර්යේෂන සදහා සමස්ථ ජනතාව යොමු කරවන අධ්‍යාපන ක්‍රමයක් විය යුතුයි.

මට හිතෙන්නෙ මේ ටික සිදුකල විට අපට අපේක්ශිත ඉලක්ක කරා ලගා විය හැකි බවයි.

පසන් මලින්ද කැටිපෙආරච්චි
ව්‍යාපාර අනාගතය

Comments

Popular posts from this blog

How To Control The Business Risk By Mr. Praveen Nirmana Gunawardena

යකඩත් එක්ක හැප්පිල ව්‍යාපාර ලෝකය ජය ගත්තු අමිල

STRATEGIST LIVING IN YOU