භාණ්ඩයක මිල තීරණය වන්නේ කෙසේද? - ව්‍යාපාර සදහා ආර්ථික විද්‍යාව
ව්‍යාපාර සදහා ආර්ථක විද්‍යාව ඉතාම වැදගත් කාරණයක් වන්නේ අයිද යන්න ඔබට ගැටළුවක් ඇති. ව්‍යාපාරය යනු ආර්ථිකයක එක් අංගයක් පමණයි. එම ව්‍යාපාරය නම්වූ අංගයට ආර්ථිකය තුල තිබෙන සියලුම සාධක වල බලපෑම එල්ලවෙයි උදාහරනයක් ලෙස දල දෙශීය නිෂ්පාදනය , උද්දමනය , විරැකියා අනුපාතිකය සහ ගෙවුම් ශේෂ වල බලපෑම සාමාන්‍ය මනුෂ්‍ය ජිවිතයට වගේම ව්‍යාපාරිකයට තමන එදිනේදා ගනුලබන තීරණ සදහා වැදගත් වනු නොඅනුමානයි.
ඉතින් එම නිසා business tomorrow හෙට බිහිවන ව්‍යාපාරිකයාගේ දැනුම සපයන මුද්රිත තක්ෂලාව විදියට ඉතා සරලව මහජනතාවට සහ අනාගත ව්‍යාපාරිකයන්ට එදිනෙදා ජිවිත වලදී වැදගත් වන ආර්ථික විද්‍යාව හා සම්භන්ද වන කරුණු එකින් එක ලිපි පෙළක් මගින් ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙමු.
ඔබ දන්නවා ඇති ඕනෑම භාණ්ඩයකට මිලක් තිබෙන බව සාමාන්‍ය භාණ්ඩයක මිල හා ඉල්ලුම අතර ඍණ සම්භන්ධතාවයක් ඇත. ඕනෑම භාණ්ඩයක මිල වැඩිවන විට එම භාණ්ඩය මිලදිගනිමට හැකියාව ඇති ය ප්‍රමාණය අඩුවෙය . එම තත්වය පහත පරිදි ඉල්ලුම වක්‍රය මගින් අපට දැක්විය හැක. මෙම වක්‍රයෙන් පෙන්නුම් කරන්නේ වෙලදපොලේ තිබෙන ඒ ඒ මිල ගණන් වලට එක පුද්ගලයෙක් මිලදිගැනීමට අපේක්ෂා කරන භාණ්ඩ ඊකක ප්‍රමාණයයි. මෙසේ සියලුම පරිභෝගියකයන ගී තීරණ එකතු විමෙන් ඕනැම භාණ්ඩයකට මිලක් තීරණයවේ.
ප්‍රමාණය
|
මිල
|
10
|
0
|
8
|
4
|
6
|
8
|
4
|
12
|
2
|
16
|
0
|
20
|
ඉහත වක්‍රය නිර්මාණය කිරීමෙදී අප උපකල්පනය කරනව සලකා බලන භාණ්ඩයේ මිල හැර අනෙකුත් ඉල්ලුමක් ඇතිවීමට බලපාන අනෙකුත් සාධක වන අදායම , තරගකාරිත්වය,පරිභෝගියක රුචි අරුචිකම් , විලාසිතා නොවෙනස්ව පවතී බව. ඉතින් දැන් ඔබට තීරෙන්ව ඈති අනෙකුත් සාධක වෙනස් වන විට ඉල්ලුම අඩු වැඩි වන බව. ඔබ දැක ඇති ඔබට ආදායම් වැඩි කාලෙට ඔබ පෙර මිලදී නොගත් භාණ්ඩ මිලදී ගන්නවා. එමෙන්ම විලාසිතා වල වෙනස්වීම සමග විශේෂයෙන් ඇදුම් පැළදුම් ඔබ නව ප්‍රවණතා වෙත යොමු වෙන්ව. මේ සියල්ලම වෙනස් වීමෙන් විවිධ භාණ්ඩ වලට තිබෙන බලපෑම ඔබ ප්‍රවෙසමෙන් නිරීක්ශණය කළහොත් ඔබට ඔබේ භාණ්ඩයක් නිපදුවත් එහි ඉල්ලුමක් සමාජයේ ඇතිවීමට බලපාන සධක අවභෝධ කර ගැනීමෙන් ඔබට ඔබේ නිපදවන භාණ්ඩ බොහො ප්‍රමාණයක් විකිණිය හැකි මිල අවබෝධ කර ගත හැක.
එමෙන්ම ඕනෑම භාණ්ඩයක් නිෂ්පාදනය කරන්නාට ද ඔහුගේ ඒ ඒ මිල ගණන් වලදී සැපයිය හැකි මිල ගණන් ඇත . ඒ තීරණ වලට භාණ්ඩයේ මිල , නිෂ්පාදන පිරිවැය , සම්භාන්ධිත භාණ්ඩ වල මිල , යොදා ගනු ලබන තාක්ෂණයේ ගුණාත්මක බව බලපානු ලබයි.මේ සාධක බලන භාණ්ඩයේ මිල හැර අනෙකුත් සාධක වන විට මිල වෙනස්වන විට සැපයුම් තීරන පහත වක්‍රයෙන් දැක්විය හැක.
සැපයුම්කරුගේ තීරණ
ප්‍රමාණය
|
මිල
|
0
|
0
|
2
|
4
|
4
|
8
|
6
|
12
|
8
|
16
|
10
|
20
|
ඔබ දැක ඇති ඔබේ ගමේ හෝ නගරයේ සතිපොලට ගිය විට ගැනුම්කරු සහ වෙළෙඳා අතර මිල අඩු වැඩි කිරිම් පිළිබද හෙට්ටු කිරිම . එහිදී අවසානයේ දෙදෙනාම එකග වන මිලට භාණ්ඩය විකිණීම සිදුකරයි. එම සිධාන්තය ඕනෑම වෙළද පොලක පොදුවෙයි . ඉහත අප සලකා බලු අවස්ථාවේ භාණ්ඩය අප දැන් ගැනුම්කරු සහ විකුණුම්කරු එකග වෙන මිල කුමක්ද කියා බලමු.
ඔබට මෙම ප්‍රස්ථාරය තුලින් පෙන්නවා ඇතිමිල රුපියල් 10 දී පමණක් සැපයුම්කරු විකිණිමට කැමති ප්‍රමාණයත් ගැනුම්කරු මිලදී ගැනීමට කැමැති ප්‍රමාණයත් සමාන බව. එම අවස්තාව වෙළදපොල සමතුලිතය නම් වේ. රුපියල් 10ට වඩා මිල වැඩි වූ විට සැපයුම් කරුට භාණ්ඩ ප්‍රමාණයක් විකුණා ගනිඉමට නොහැකි වනු ඇත . මිල රුපියල් 10ට අඩු වූ විට අධික ඉල්ලුමක් ඇති වනු ඇත. මෙන්න මේ තත්වය තේරුම් ගෙන ඔබ ඔබී ව්‍යාපාරයේ මිල සහ විකුණන ප්‍රමාණය තිරණය කිරිම ඉතාම ප්‍රවෙසමෙන් කල යුතුය.
ඔබ මෙම ලිපය තුලින් අවබෝද කර ගත යුතු කරුණු නම් වෙළද පොලක භාණ්ඩයකට මිලක් තිරනයවන ආකාරයත් භාණ්ඩයක ඉල්ලුම වෙනස් විඉමට බලපාන සාදකත් ඕනෑම භාණ්ඩයක් විකිනිමට සුදුසු මිල තීරණය කිරිමීදී සලකා බැලිය යුතු සාධකත්ය.
පසන් මලින්ද කැටිපේආරච්චි
Business Tomorrow




Comments
Post a Comment