Unbroken ( PC Game) -2038 Falcon අභියෝගයට ඔබ සුදානම්ද ?
වසර 2038 වන විට ලෝකයේ න්‍යෂ්ටික බලවතුන් falcon නම්වූ සංවිධානයක් පිහිටවාගනියි. ඒ සංවිධානය මුළු ලෝකයම යටත් කර ගනියි. ඒ සියලු රටවල් අතරින් එක පුංචි දිවයිනක් Falcon සංවිදානය පරදවිඉමට එකමුතු වෙයි. Unbroken අන්න ඒ සටන්කාමීන්ගේ කතාවයි.
Unbroken කියන්නේ ත්‍රාසජනක single player shooting game එකක් වන අතර මේය නිෂ්පාදනය කරන්නේ Gameforrest පරිගණක ක්‍රීඩා නිෂ්පාදන ආයතනයයි.Gameforrest ආයතනය දැනට මස කිහිපයකට ප්‍රථම පළමු trailer එක ඉදිරිපත් කල අතර ශ්‍රී ලංකාවේ මෙන්ම බොහෝ රටවල පිරිසගේ අවදානයට Unbroken යොමු වුයේ එහි AAA මට්ටමේ Graphix තිබිම නිසයි.
බොහෝදෙනාගේ ඉල්ලීම මත Business Tomorrow සගරාවෙන් කතා කරන්න යන්නේ Gameforrest ආයතනයේ නිර්මාතෘ ශෂික නුවන් මහතා සමගයි.
නුවන් මොකද්ද මේ Unbroken කියන්නේ?
Unbroken කියන්නේ අනාගතේ වෙන්න තින අභියෝග ගැන කතා කරනGame එකක්. මේ game එක තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලාංකිකයන් වශයෙන් ඉදිරියෙදී එන අභියෝග වලට මුහුණ දෙන්න අපි ඔක්කොම එකමුතු විමේ වැදගත්කමයි.මේ Game එක Play කරන්න තින්න ඕන minimum requirements මොනවද?
මේ වනවිට ඊක හරියටම කියන්න බැරි උනත් මම සහතික වෙනම අධි මිල පරිගණකයක් නොමැතිව පරිගණක ක්‍රීඩා කරන්නන්ට Unbroken ක්‍රීඩා කරන්න පුළුවන් වෙයි කියන එක.
කවදද Unbroken නිකුත් කරන්න බලාපොරොත්තු වෙන්නේ?
අපි unbroken හදනන පටන් අරන් මාස 6ක් පමණ වෙනවා. අපි මේවන විට මෙම පරිගණක ක්‍රීඩාව පරික්ෂා කරමින් තව දුරටත් ක්‍රීඩකයාගේ ක්‍රීඩා අත්දැකීම වැඩිදියුණු කිරිමට කටයුතු කරමින් සිටිනවා. එක නිසා අපි උත්සහ කරන්නේ උපරිමටම හොද නිෂ්පදනයක් නිකුත් කරන්න.
අපේ පර්යේෂණ කටයුතු සාර්ථක උනොත් අපිට අනිවාර්යෙන්ම 2018 වර්ෂයේදී Unbroken ක්‍රීඩකයන් සදහා නිකුත් කරන්න පුළුවන්.
මෙම ක්‍රීඩාව අනෙකුත් ත්‍රාසජනක පරිගණක ක්‍රීඩා වලින් වෙනස් වෙන්නේ කොහොමද?
අපි ගොඩක් විට play කරලා තිබෙන පරිගණක ක්‍රීඩා වල ප්‍රධාන අවිය වෙන්නේ තුවක්කුව. නමුත් මෙම ක්‍රීඩාවේ ප්‍රදාන අවිය වෙන්නේ දුන්න සහ ඊ තලය.මම හිතනවා ඒක පරිගණක ක්‍රීඩකයන්ට අලුත් අත්දැකීමක් වෙයි කියල.
ඔබට Unbroken පිළිබද වැඩිදුර තොරතුරු දැනගැනීමට පහත Unbroken Facebook සහ youtube channel subscribe කරන්න
Unbroken Facebook Unbroken Youtube
ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන
ව්‍යාපාර අනාගතය
Follow Business Tomorrow on Facebook



Comments
Post a Comment