ව්‍යාපාරයක මුල්‍ය කළමනාකරණය - ව්‍යාපාර මුල්‍ය පදනම


ව්‍යාපාරයක මුල්‍ය කළමනාකරණය - ව්‍යාපාර මුල්‍ය පදනම

ඕනෑම ව්‍යාපාරයක් සාර්ථක විමට ඔබ අප සෑම ව්‍යාපාරයක් තුලින් උපයන අදායම් සහ ව්‍යාපාරයට යන වියදම් පරිපාලනය කල යුතුයි. ඔබ දකින්නට ඇති අප ඉහත සදහන් කරන ලද ව්‍යාපාරිකයන් ව්‍යාපාර ජිවිතයේ පළමු අදියර ආරම්භ කලේ ඉතාම සුළු මුදලක් ආයෝජනය කරමින් සහ පාඩු විමට ඇති අවස්ථාව අවම කරමින් මෙම ව්‍යාපාරිකයන් ගෙන් කිඉප දෙනෙක් ම ගනකාදිකරන දැනුමෙන් සන්නද්දව සිටීම නිසා ඔවුන් උපයන ලද ආදායම් ඉතාම ඉහල සකසුරුවම් කමකින් භාවිත කරමින් ඉදිරියට ගමන් කරන ලදී. ඒ නිසාවෙන් ඔවුන් සියලුම දෙනාට ව්‍යාපාර ලෝකය ජයගැනීමට හැකි විය. ඉතින් ඌනාම ව්‍යාපාරයක් තුල හොද නිමවුමක් , හොද අලෙවිකරන මිශ්‍රණයක් සහ හොඅද මුල්‍ය  පරිපාලනයක් තිබේ නම් ඉතාම පහසුවෙන් ජයග්‍රහණය කරා ලගාවිය හැකිය.
 
ව්‍යාපාරයක මුලය පරිපාලනයෙදී ඔබ සැලකිලිමත් විය යුතු පැතිකඩ කිපයක් ඈත. ඒවා නම්

1. ඔබ ව්‍යාපාරය උපයන ලාභය කෙතරම් ද යන්න පිළිබද දැනුවත් ද ?
2. ඔබ ඔබේ ව්‍යාපාරයේ තිබෙන වත්කම් හදුනනවද ? එම වත්කම් නිසි අයුරින් භාවිත කරනවද ?
3. ඔබට හෙට දිනයේ පැමිණෙන වියදම් පියවිමට ඔබ සතුව මුදල් තිබේද ?
4. ඔබට ව්‍යාපාරයේ තිබෙන දිගුකාලීන ණය පියවිය හැකිද ?
5. ඔබට ඔබී ව්‍යාපාරයෙන් කෙතරම් මුදල් ප්‍රමාණයක් නිවාසේ පරිභෝජනයට ගත හැකිද ? 

ශ්‍රී  ලංකාවේ බොහෝ ව්‍යාපාර ආරම්භක අවදියේම අසාර්ථක වන්නේ ඉහත ගැටළු 4 නිවැරදිව නොවිසදා ගැනීම නිසයි. මෙම ගැටළු 4 ට ඔබට නිසි අවභෝදයක් නැතුව ඔබ කටයුතු කල විට ඔබ ව්‍යාපාරය යන මාවත අවිනිශ්චිත බවට පත්වේ. ඔබ ව්‍යාපාරයක් කිරිඉමේ ප්‍රධානම අරමුණ වන්නේ ලාභ ලැබිමයි එම අරමුණ ඉටුවෙනවද නැද්ද යන්න ගණනය කර බැලීමට තිබෙන  ප්‍රධාන මාර්ගය මුලය කළමනාකරණය එසීත් නැතිනම් ගනකදීකරනයි.

දෙවැනි කරුණ ඔබ ව්‍යාපාරය තුල තිබෙන වත්කම් පිළිබද අවබෝදයක් තිබේද යන්න ඉතාම වැදගත්. ව්‍යාපාරයක ඉක්මනින්ම මුදල් බවට පත්කළ හැකි වත්කම අතර(ද්‍රවශීල වත්කම් ) නිමි භාණ්ඩ සහ ණයගැතියන්  හදුනාගත හැක. ව්‍යාපාරයක භාවිතා කරන ඉඩම්, ගොඩනැගිලි , කාර්යාල උපකරණ,යන්ත්‍ර සුත්‍ර දීගුකාලීන වත්කම් වේ.මෙම කෙටිකාලීන හා දිගු කාලීන වත්කම් අරපිරිමැස්මෙන් භාවිතා කිරිමෙන්  ව්‍යාපාරය වැඩි දියුණු කර ගත හැක.

ව්‍යාපාරයක මිලග වැදගත්ම ප්‍රශ්නය එදිනේද වියදම් . බොහො ය නොසිතුවාට ඔබගී ව්‍යාපාරයක මාසයක් තුල යන වියදම් බොහෝවිට ස්ථාවර අගයක් ගනියි ඔබ එම වියදම් අස්තමීන්තු කර ගත හැකි නම්  ඔබට  එම වියදම් පියවිමට අවශ්‍ය කරන මුදල් උපයා ගතයුතු ආකාරය සැලසුම් කල හැකිය. ඒ මගින් ව්‍යාපාරය වැඩි දියුණු කිරිඉමට දිගු කාලීන වත්කම් ගොඩ නැගිඉමට අවශය වන මුදල් ගැන සලකා බැලිය හෑක.

ඔබගේ ව්‍යාපාරයේ දිගුකාලීන ණය වාරික පියවිම පිළිබද ඔබ ඉතා ප්‍රවේසමෙන් කටයුතු කල යුතුය.ඔබ සෑම විටම දිගුකාලින ණය වාරික නිසි කලට පියවිඉමට හැකිදැයි සැලකිලිමත් වෙමින් කටයුතු කිරිම තුලින්  ව්‍යාපාරය දිගුකාලීන බුන්වත්  භාවයට පත්විම වැළක්විය හැක.

අවසාන කාරණය ඔබ ව්‍යාපාරයේ පැවැත්මට හානියක් නොවී මුදල් එලියට ගන්නේ කෙසේද යන්නයි. සාමාන්‍යයෙන් ව්‍යාපාරිකයන් මුදල් ලග වැඩියෙන් ගැවසේ  නම් එවිට ඔබ මුදල්  පරිභෝජනයට ගනියි. නමුත් නිවැරදි ක්‍රමවේදය නම් ඔබ ලාභ ගණනය කර එයින් කොටසක් පරිබෝජනයට ගැනිමයි. නැතිනම්  ඔබ රැගෙන යන්නේ ඔබ ව්‍යාපාරයට ආයෝජනය කල මුදලමයි. එවිට ඔබේ ව්‍යාපාරය තිබු තැනින් පහලට ගමන් කරනු ඇත.

ඉහත කරුණු සියල්ල සලකා බලීමෙදි ඔබ ව්‍යාපාරය පිළිබද ගිණුම් තබා ගැනීමේ වැදගත්කම පැහැදිලි වනු ඇත. ඔබට මීලගට එන ගැටලුව නම් ගනකාදිකරුවකු බදවා ගැනිමට ප්‍රමාණවත් මුදල් ඔබ සතු නොවිඉමයි. එයට විසදුමක් ලෙස ඉදිරි  Business Tomorrow සගරාවේ ව්‍යාපාර මුලය ලිපි මගින් ඔබට ඉතා සරලව තමන්ගේ ව්‍යාපාරයේ ඔබට තිරන ගැනීමට පහසුවන අයුරින් ගිණුම් තබා ගන්නා ආකාරය පිළිබද දැනුම ලබා දෙනු ඇත.


පසන් මලින්ද කැටිපෙආරච්චි 
Business Tomorrow


Comments

Popular posts from this blog

How To Control The Business Risk By Mr. Praveen Nirmana Gunawardena

යකඩත් එක්ක හැප්පිල ව්‍යාපාර ලෝකය ජය ගත්තු අමිල

STRATEGIST LIVING IN YOU