කුඩා ව්‍යාපාර කළමනාකරණය







ඔබ සියලුම දෙනා මෙ වනවිට තරුණ  ව්‍යවසායකයන් ඔවුන්ගේ ව්‍යවස්සායක ජිවිතයේ පලවෙනි ජයග්‍රහණය ලබා ගත්  ආකාරය කියවන්නට ඇතේයි සිතමු. ඔබ මෙම ලිපය කියවිම ආරම්භ කරන විට ඔබට සිතෙන්නට ඇති මටත් ව්‍යාපාරයක් ආරම්භ කලානම් හොදයි කියා. නමුත් අද වනවිට බොහො ධෙනාට තිබෙන ගැටලුව වන්නේ ඔබ ආරම්භ කරන්නේ කොතනින්ධ යන්නයි. කුඩා ව්‍යාපාර කළමනාකරණය ලිපි පෙලෙන් අප ටිකෙන් ටික ඔබේ සිහින ව්‍යාපාරය ආරම්භ කරනා ආකාරය  

ව්‍යාපාරයක් ආරම්භ කිරිමට මත්තෙන් ඔබ ව්‍යාපාරයක් කිරීමෙ වාසි සහ අවාසි අවබෝධ කර ගත යුතුයි. 

ව්‍යාපාරයක් යන්නෙහි අර්ථය වන්නේ ඕනෑම කෙනෙකුගේ අවශ්‍යතා සහ වුවමන සපුරණ  ආයතනයක්. ව්‍යාපාරයක් ආරම්භ කිරිඉමෙන් ඔබ ආර්ථික වශයෙන් ඉතා ස්වාධීන පුද්ගලයෙක් බවට පත්වේ. ඒ වගේම ඔබට උත්සාහය සහ කැපවීම තිබේ නම් ඉතාම ඉහල මුල්‍යමය සහ සමාජීය දියුණුවක් කරා ලගා විය හැක. එමෙන්ම ඔබට සමාජයේ මීවනවිට නොවිසදුනු සාමාජීය අවශ්‍යතා සපුරාලමින් සමාජයට විශාල මෙහෙවරක් කල හැක. එමෙන්ම ඔබට විශ්‍රාම ගැනිමට අවශ්‍ය නොවන අතර ඔබට ඔබේ පවුලේ සාමාජිකයන්ගේද උපකාර සහිතව ඔබගේ ව්‍යාපාරය වැඩි දියුණු කර ගත හැක. 

නමුත් කේසේ වුවත් ඔබ ව්‍යාපාර වලට යොමුවන විට ව්‍යාපාරයක ඇති  අවධානම පැතිකඩ  අවබෝධ කර ගෙන කටයුතු කිරිම ඉතා වැදගත්.පලවෙනි කාරණය අවධානම( risk  of  failure). ව්‍යාපාරයක් කිරීමේදී ඔබ බාධක කම්කටුලු බිදගෙන ඉදිරියට යා යුතු බව අවබෝධ කර ගත යුතුය. 

ඔබ කුඩා ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතන කෙනෙක් නම් ඔබී ව්‍යාපාරය සාර්ථක කරගන්න පහත කරුණු ගොඩ නගා ගතයුතුයි.

1 හෝද ව්‍යාපාර අවස්තාවක් තිබිම- මෙහිදී ඔබේ වටපිටාවේ සිටින මහජනතාවගේ නොවිසදුනු වුවනාවක් හදුනා ගැනීම වැදාගත් වෙනවා. එම වුවමනාව විසදීම ඔබගේ නව ව්‍යාපාරය බවට පත්වෙනවා.

2.අදාල ව්‍යාපාරය කිරීමෙ මෙහෙයුම් පිළිබද අවබෝධය - ඔබගේ  නිෂ්පාදනය හෝ සේවය සපයන ක්‍රියාවලිය පිළිබද ඉතාම ඉහල අවභෝධයක් තිබිම ඉතාම වැදගත් ඒ   සදහා ඔබට රජයේ ආයතනයකින් හෝ පුද්ගලික ආයතනයකින් පුහුණුවක් ලැබි ඇත්නම් හෝ ඔබගේ වර්තමාන රැකියාව ඔබ සලකාබලන ව්‍යාපාරයට පලපුරුදද සපයනවා නම් ඉතා වැදගත්. 

3. කළමනාකරණ දෑනුම - ඔබට අලෙවිකරණය , මුල්‍ය කළමනාකරණය ,පිරිස් කළමනාකරණය පිළිබධ ඇති දැනුම ගොඩනගා ගතයුතුයි. business  tomorrow  සගරාව තුලින් ඔබට ඒ ඒ විෂය පතයන්ගේ එම දැනුම ලබා දෙනුලබයි. 

4 නිෂ්පාදනයේ හෝ සේවයේ   ගුණාත්මක බාවය. - ඔබ  නිෂ්පාදනය කරන කරන නිපැයුම හෝ සේවය කෙතරම් තරගකරුවන්ගේ නිමැවුමට වඩා ගුණාත්මක භාවයෙන් හොදද යන්න මත  ඔබගේ ව්‍යාපාරයේ අනාගත ඉරණම බොහෝ විට තීරණයවේ.එමනිසා තරගකාරී නිපැයුමක් නිමවීම මගින් වෙළදපොල තුල ඔබට ඉදිරියට යා හැකියි.


මුලිකව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිතමින් සිටින ඔබට මේ මුලික කරුණු එකක් වත් සමහර විට නොතිබෙන්නට පුළුවන්. නමුත් ව්‍යාපාර යනු එකවර ගොඩනගා ගැනිම් නොවී . එය කාලයත් සමග ක්‍රමවතමව ගොඩනගා ගතයුතු ශක්තින් වේ. ඔබ ව්‍යාපාරය ආරම්භ කල දවසේ සිට ඔබගේ අරමුණ විය යුත්තේ ඉහත කී සාධක ව්‍යාපාරය කරන අතර තුර ගොඩ නගා ගැනීඉමට කටයුතු කිරිමයි.

අප ඉහත දී කතා කලේ ව්‍යාපාරයක් සාර්ථක විඉමට අවශ්‍ය සාධකයි. අපි මිලගට කතා කරන්න යන්නේ ව්‍යවසායකයෙක් වශයෙන සාර්ථකවීමට ඔබට තිබිය යුතු ගුණංගය. 
1. ඔබ සිදුකිරිඉමට යන ව්‍යාපාරය පිළිබද දැනුම ඉහල නංවා ගැනීම- ඔබ සාම විටම ඔබේ ව්‍යාපාරයට අදාළ සියලුම වෙනස්වීම් දියුනුවිම් පිළිබද අවභෝදයකින් කටයුතු කල යුතුයි.
2.සාමාන්‍ය දැනීම වර්ධනය කර ගැනීම- ඔබ ව්‍යාපාරයක කටයුතු කරද්දී ඔබට එන ගැටළු වලට විචාර බුද්ධියෙන් යුතුව තිරින ගනිඉමේ හ්කියව වර්දනය කර ගතයුතුයි. මෙය අධ්‍යාපනය මගින් හා පළපුරුද්ද මගින් වැඩිදියුණු කල හැක. එමෙන්ම චෙස්  ඇතුළු උපායමාර්ගික ක්‍රීඩා වල නිරතවීමෙන් එම අංශයෙන් ඔබට කුසලතා වැඩිකරගත 
3. මානව සම්පත්  කළමනාකරණය -ඔනම ව්‍යාපාරයක ව්‍යාපාරයක සාර්ථකත්වය සලකා බලූ විට ඉදිරියෙන්ම සිටින්නේ විශ්වාස දායක සේවක මණ්ඩලයකි. මෙහ්දී ඔබ සේවකයන් එක්ක වගේම සැපයුම්කරුවන් සහ පාරිභෝගිකයන් සමගත් ඉතාම හොදන්   සන්නිවේදන කටයුතු කිරිම වගේම තම සේවක කණ්ඩායමට නායකත්වය දිම ඉතා වැදගත්. ඒවගේම සීවකයන් නිතර සතුටින් තැබීම  ව්‍යාපාරයේ දියුණුවට අශීර්වාදයක් වනු නොඅනුමානයි.
4. නවොත්පාදනයට ඇති හැකියාව- මෙයද ඔබ ව්‍යාපාර කිරිමෙන් ලැබෙන පළපුරුද්ද මත සෙමින් ගොඩ නැගෙන දෙයක්. ඔබ විවධ දහේ අත්හදා බැලීම තුලින් නවොත්පදනයට වශය අදහස් කාලයත් සමග ගොඩ නැගී. බොහෝ ය අනෙකුත් ය කරන දේ කිරිඉමට ලැජ්ජ  වෙයි.නමුත් ව්‍යාපාර තුල නවොත්පධනයේ පළමු අදියර වන්නේ අන් ය ව්‍යාපාරයක කරන දේ අනුකරණය කිරිමයි.ඉන් පසුව ටිකෙන් ටික තමන්ට ගොඩ නැගෙන ශක්තින් මත එයට අලුතින් එකතුකළ අගයක්  එකතු කිරීම තුලින් ඔබට ඔබේ ව්‍යාපාරය දියුණු කල හැක .

ඔබ කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මත්තෙන් ඔබ ඉහත කරුණු ගැන සැලකිලිමත් වෙනවානම් ඔබට ඉතා ඉක්මනින් ව්‍යාපාර ලූකය ජය ගත හැක. අප මීලග ලිපියෙන් අලුතෙන්ම ව්‍යාපාරයක් ආරම්භ කරන ආකාරය බලාපොරොත්තු වන්න.

 පසන් මලින්ද කැටිපෙආරච්චි 
Business Tomorrow 




Comments

Popular posts from this blog

How To Control The Business Risk By Mr. Praveen Nirmana Gunawardena

යකඩත් එක්ක හැප්පිල ව්‍යාපාර ලෝකය ජය ගත්තු අමිල

STRATEGIST LIVING IN YOU